Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගෝන් පී‍්‍ර චෙස් ශූරයා අනුරුද්ධ

ගෝන් පී‍්‍ර චෙස් ශූරයා අනුරුද්ධ

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ දක්‍ෂතම චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර පැවති ග්‍රෝන් පී‍්‍ර චෙස් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ගාල්ල එන්. එෆ්. 3 ක‍්‍රීඩා සමාජයේ ෆිඬේ මාස්ටර් ජි. සී. අනුරුද්ධ සමත් විය. ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ මෙම චෙස් තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී අද (26 වැනිදා) අවසන් විය.

මේ තරගාවලියේදී තරග වට 9 න් 6 ක් දිනගත් ජි. සී. අනුරුද්ධ සහ මහනුවර ෆිෂර් ක‍්‍රීඩා සමාජයේ උදිත් ජයසුන්දර සම ලකුණු ලබා සම ශුරයන් වුවද චෙස් ක‍්‍රීඩාවේ අවසාන ගණනයට අනුව ජි. සී. අනුරුද්ධට ශුරතාවත් උදිත් ජයසුන්දරට අනුශුරතවත් හිමිය.

තරග වට 9 න් ලකුණු 5 ක් ලබා ගත් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ඔශීන් ද සිල්වාට තෙවැනි ස්ථානය හිමි විය.

‘ඉන්ටර්නැෂනල් මාස්ටර්’ තත්ත්වය ලබාගත් ශ‍්‍රී ලංකාවේ පළමු කී‍්‍රඩිකාව වන ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සචිනි රණසිංහට මේ තරගාවලියේදී 7 වැනි ස්ථානය හිමි වූ අතර ඇය තරග වට 9 න් ලබා ගෙන තිබුණේ් ලකුණු 3 කි.

තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වූහ. ඔවුන් අතුරින් කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරෂණ ලමාහේවාට 4 වැනි ස්ථානයත්, මහනුවර ෆිෂර් ක‍්‍රීඩා සමාජයේ රන්දිල් ලක්ෂිතට 5 වැනි ස්ථානයත්, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කැන්ඩිඬේට් මාස්ටර් ලසිත සුභාෂ්ට 6 වැනි ස්ථානයත්, මහනුවර ෆිෂර් ක‍්‍රීඩා සමාජයේ පී. ඩි. සේනානායකට 8 වැනි ස්ථානයත්, දිනෙත් සුනෙරට 9 වැනි ස්ථානයත් හිමි විය.

 

 


අදහස් (0)

ගෝන් පී‍්‍ර චෙස් ශූරයා අනුරුද්ධ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.