ජාත්‍යන්තර පාසල් පිහිනුම් තරගාවලියේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව තරග වාර්තා අටක් සම`ග වයස් කාණ්ඩ හතරක ශූරතා දිනා ගැනීමට සමත්වුහ. ආසියානු ජාත්‍යන්තර පාසල සංවිධානය කළ මෙම තරගාවලිය ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ත පිහිනුම් තටාකයේදී පැවැත්විණ. තරගාවලියට ජාත්‍යන්තර පාසල් 21 කින් කණ්ඩායම් සහභාගිවුහ.
පෙසත් විජේසුන්දර 10 න් පහළ බාලක වයස් කාණ්ඩය ජයගත් අතර අරලියා ගුණසේකර වයස 14 න් පහළ බාලිකා වයස් කාණ්ඩය නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් ජය ගත්තාය. හිරුණි ද සොයිසා සහ ශිරෝන් පෙරේරා වයස 16 ට වැඩි බාලිකා ඉසව්වේ සම ශූරතා දිනාගත්හ. අල්වින් අරුල්මරන් සහ ස්ටෙෆන් පෙරේරා මෙන්ම විහංගා පෙරේරා සහ රුක්ෂලා විජේසිංහ නව තරගාවලි වාර්තා පිහිටුවුහ.
විනුක ප්‍රනාන්දු, අම්රිත් පෙරේරා සහ කාවින්දි සුමතිරත්න රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.