Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගෘහස්ථ ක්‍රීඩා උළෙලට 21 ක් යති

ගෘහස්ථ ක්‍රීඩා උළෙලට 21 ක් යති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 17 සිට 27 දක්වා තුර්ක්මෙනිස්ථානයේ අස්ගාබාද් හි පැවැත්වීමට නියමිත 5 වැනි ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන ඇත.

මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 21 ක් අයත් වන නමුත් ශ්‍රී ලංකාව ක්‍රීඩා 5 කට පමණක් සහභාගී වනු ඇත. බර එසවීම, මල්ලවපොර, ටයිකොන්ඩෝ, ගෘහස්ථ මලල ක්‍රීඩා සහ චෙස් එම ක්‍රීඩා 5 වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 15 දා පියත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම බාර නිලධාරියා ලෙස නාවික කපිතාන් චන්දන බෝපගොඩ මහතා පත්කර තිබේ.
ආසියානු සහ ඉන් එපිට රටවල් 65 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙල 2005 වසරේ තායිලන්තයේ බැංකොක් නුවරින් ආරම්භ වූ අතර එහි දෙවැන්න 2007 වසරේ මකාවෝහිදීද තෙවැන්න 2009 වියට්නාමයේ හැනෝයි නගරයේදීද පැවැත්විණ. තුන්වැනි ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලින් අනතුරුව එය හඳුන්වන ලද්දේ ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙල යනුවෙනි.

මෙම ක්‍රීඩා උළෙල වලදී ශ්‍රී ලංකාව කිසිදු රන් පදක්කමක් දිනා ගැනීමට සමත් නොවුනද රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වී ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායම

බර එසවීම
ඊ.ඒ.ඩී.කේ.ඩී. එගොඩවත්ත (කිලෝග්‍රෑම් 56), සී.එස්.එස්.පී.විජේසූරිය (කිලෝග්‍රෑම් 62), ඩබ්.පී.යූ.චාරක (කිලෝග්‍රෑම් 105), පී.කේ.එන්.දයාන් මහතා (පුහුණුකරු)

මල්ලව පොර
සී.ඩී.ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 57), ඩබ්.සී.එච්.පෙරේරා (කිලෝග්‍රෑම් 65), ටී.කේ.එස්.මධුරංග (කිලෝග්‍රෑම් 74), එන්.කරුණාසේන (කිලෝග්‍රෑම් 48), එම්.ඩී.එස්.මධුෂානි (කිලෝග්‍රෑම් 52), ඩී.ඩී.කේ.වීරබාහු(කිලෝග්‍රෑම් 58) සහ එන්.කේ.ජේ.ප්‍රියන්ත මහතා (පුහුණුකරු)

ටයිකොන්ඩෝ
ටී.බී.කේ.අනුර බණ්ඩාර (කිලෝග්‍රෑම් 54), එල්.සී.සම්පත් ලියනගේ (කිලෝග්‍රෑම් 57), එම්.කේ.රොමේෂ් මහතා (පුහුණුකරු)

මලල ක්‍රීඩා (ගෘහස්ථ)
හිමාෂ ඒෂාන් (මීටර 60), ඉඳුනිල් හේරත් (මීටර 800), මංජුල කුමාර විජේසේකර (උස පැනීම), අමිල ජයසේකර (දුර පැනීම)ල ගයන්තිකා අබේරත්න(මීටර් 800), විදූෂා ලක්ෂානි (තුන් පිම්ම), සජිත් ජයලාල් මහතා (පුහුණුකරු)
චෙස්

රජින්ද්‍ර සේනක කළුගම්පිටිය, රොමේෂ් චන්ද්‍ර වීරවර්ධනල මෙහොමඞ් සෞම්‍යා ෂෙයිනාබ්, ධනුෂි හංසිකා මෙන්ඩිස්, බුද්ධි නිරුක්ෂි පනාගොඩ මහත්මිය(පුහුණුකරු)

 


අදහස් (0)

ගෘහස්ථ ක්‍රීඩා උළෙලට 21 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.