කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකින් ප‍්‍රබල හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 67 - 65 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්විය.
ආරම්භයේ පටන්ම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමා වන විට ලකුණු 26 - 27 ක් ලෙස හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ පෙරමුණ ගත්හ. තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් 2 ම ලකුණු 60 බැගින් ලබාසිටීම හේතුවෙන් අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරු කටයුතු කළහ.
අතිරේක කාලය කාලය තුළදී ලකුණු 7 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්වුවත්, හම්බන්තොට බ්ලූස් කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි.
හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජයේ මිතිල අබේසේකර ලකුණු 20 ක් රැස්කරමින් ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසයක් පෙන්නුම් කළද තරගය ජයගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.