Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට රන් පදක්කම් 10 ක්
ජාතික පාසල් කඩු සටන්ශූරතා තරඟාවලිය

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට රන් පදක්කම් 10 ක්

editorial - 2025 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දඹදෙණිය  ධර්මසිරි රණසිංහ)

මහනුවර කුණ්ඩසාලේ දිගන ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති 2025 ජාතික පාසල් කඩු සටන්ශූරතා තරඟාවලියේ දී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක් දිනාගත්හ.

වික්‍රමශිලා පිරිමි කණ්ඩායමේ යොහාන් නිරෝද් 20න් පහළ ෆොයිල් කාණ්ඩයේ රන් පදක්කම දිනා ගනිමින් සමස්ත තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් සම්මාන දිනාගත්තේය.

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම්  06 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ 08 පදක්කම් වශයෙන් පදක්කම් 25 ක් දිනා ගනිමින් සමස්ත තරඟාවලියේ කනිෂ්ඨ කාන්තා ශූරතාවය දිනාගත්හ.

මෙම කඩුසටන් තරඟාවලියේදී වික්‍රමශිලා ජාතික පාසල් ක්‍රීඩකයින් පිරිමි අනුශූරතාවය දිනාගෙන ඇත්තේ රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනිමිනි.

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ විදුහල්පතිනි දමයන්ති සතරසිංහ මහත්මියගේ පූර්ණ අනුමැතිය ඇතිව, මෙම ජයග්‍රහණ සඳහා වික්‍රම්ශිලානුවන් පුහුණු කර ඇත්තේ අනුර බණ්ඩාර සහ ලක්මාලී දිසානායක යන පුහුණුකරුවන් විසිනි.


අදහස් (0)

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට රන් පදක්කම් 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.