Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගාමිණී මැලේසියානු විවෘත ශූරතාව දිනාගනී

ගාමිණී මැලේසියානු විවෘත ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියානු විවෘත රෝද පුටු ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ගාමිණී දිසානායක සමත් විය. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස තායිලන්තයේ විටායා පීමී පරාජය කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/4 ලෙස ජයගත් ගාමිණී දිසානායක තියුණු මුහුණුවරක් ගත් දෙවැනි වටය ජයගත්තේ ලකුණු 7/6 ක් ලෙසිනි.

අවසන් පූර්ව වටයේදී වට 2-1 ක් ලෙස (2/6, 6/3, 6/4) තායිලන්තයේ සුතී ක්ලොංග්රුවා පරාජය කරමින් ගාමිණී දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර විටායා පීමී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2--0 ක් ලෙස (6/3, 6/3) ඕස්ට්‍රේලියාවේ හෙන්රි ද කියෝ පරාජය කරමිනි.

මූලික වටයේදී ශ්‍රී ලංකාවේ ඩී. එස්. ආර්. ධර්මසේන වට 2-0 කින්ද (6/3, 6/2), අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ යුෂාස්වන් යූසෆ් වට 2-0 කින්ද (6/3, 6/1) පරාජය කිරීමට ගාමිණී සමත් විය.

 


අදහස් (0)

ගාමිණී මැලේසියානු විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.