Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගාමිණී - උපාලි ඉතාලිය පරදවති

ගාමිණී - උපාලි ඉතාලිය පරදවති

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුර්කියේ ඇන්ටාලියා නුවරදී පැවැත්වෙන බී. එන්. පී. පරිබාස් ලෝක කණ්ඩායම් රෝදපුටු ටෙනිස් තරගාවලියේදී තරග 2-1 ක් ලෙස ඉතාලි කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක සමත් වූහ.

පළමු කේවල තරගයේදී තරග වට 2-0 ලෙස ලූකා අර්කා පරදවා පහසු ජයක් ලබාගැනීමට උපාලි රාජකරුණා සමත් වූ නමුත් දෙවැනි කේවල තරගයේදී තරග වට 2-1 ලෙස ෆේබියන් මැසී හමුවේ ගාමිණී දිසානායක පරාජය වීමත් සමග දෙපිලේම ලකුණු සම විය.

අනතුරුව පැවැති යුගළ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඉතාලි කී‍්‍රඩකයන් පරාජය කළ උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක, 2-1 ක් ලෙස සමස්ථ තරගයේ ජයග‍්‍රහණය තමන් සතු කරගත්හ.මෙම තරගාවලියේදී රටවල් 28 ක් නියෝජනය කරමින් රෝදපුටු ටෙනිස් කණ්ඩායම් 52 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති.

තරග ප‍්‍රතිඵල

  •   උපාලි රාජකරුණා විසින් තරග වට 2-0 ලෙස ලූකා අර්කා පරාජය කරන ලදි. (6/3, 6/3)
  •   ෆැබියන් මැසී විසින් තරග වට 2-1 ලෙස ගාමිණී දිසානායක පරාජය කරන ලදි. (5/7, 6/3, 7/5)
  •  උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක විසින් තරග වට 2-0 ලෙස ලූකා අර්කා සහ ෆේබියන් මැසී පරාජය කරන ලදහ.(6/3, 6/3)

 

 


අදහස් (0)

ගාමිණී - උපාලි ඉතාලිය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.