දින කිහිපයකට ඉහතදී, ඉරිදා පුවත්පතක, ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් පල කරන ලද දැන්වීමක් විය. එම පුවත්පතේ අයකිරීම් අනුව අදාළ දැන්වීම සඳහා ගෙවිය යුතු මුදල වැට් බද්ද සමගින් රු. 1,45,152.00 කි. කී‍්‍රඩා අමාත්‍යංශයෙන් පළ කෙරුණු දැන්වීමක් හෙයින් අදාළ මුදල කී‍්‍රඩා අමාත්‍යංශයේ මුදල් ලෙස අපි අනුමාන කරමු.
සම්පූර්ණ පිටුවක් පුරා පළ කෙරුණු දැන්වීමේ පළමු වගන්තිය මෙසේ වෙයි.
”දශක හයකට අධික කාලයක් මුළුල්ලේ, ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් හෝ නිසි ඉලක්කයක් නොමැතිවීමෙන් අවස්ථා ගණනාවකදීම, මෙරට කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පසුබෑමකට ලක්වී තිබුණි”
එම දැන්වීමේ තවත් බොහෝ කරුණු කාරණා මෙන්ම ඡයාරූප ද තිබිණ. එහෙත් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ඡයාරූපයක්ද සහිතව, එම දැන්වීම මගින් හුවා දක්වන ලද යථෝක්ත කාරණාව, එනම් දශක හයකට වැඩි කලක් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් හෝ ඉලක්කයක් නොතිබීමෙන් මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පසුබෑමකට ලක්ව තිබුණේය යන කාරණාව පිළිබඳව පමණක්වත් දෑස් බැඳි කඩතුරා ඉවත් කර බැලීම වටී.
පළමුවෙන්ම සිහිපත් කළ යුතු දෙයක් තිබේ. එනම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වන විටත් විස්සයි-20 ලෝක ශූරයන් වන බවයි. එලෙසින්ම වසර 7 ක් තිස්සේ එක්දින සීමිත ඕවර අනුශූරතාව හිමිකරගෙන සිටින බවයි.
මේ වන විට වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයෝ සිවු දෙනෙක්ද ශී‍්‍ර ලංකාවේ සිටිති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පළමු වරට ලෝක කුසලාන දිනා ගත්තේ 1996 දී ය. අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ සහ රොෂාන් මහානාම වැනි ශී‍්‍ර ලංක පිලේ එදා සිටි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් මෙන්ම සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් වැනි කනිෂ්ඨ ක‍්‍රීඩකයන්ද එක්ව ඒ වික‍්‍රමය කළේ එවකට පැවැති දේශපාලනයේ අනුහසින් නොවේ. ඊට අවශ්‍ය ජවය සැපයන ලද්දේ එවකට පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සිටි දූරදර්ශී නිලධාරීන් විසිනි.
ලෝක කුසලාන තරගාවලියට මාස කිහිපයකට පෙර, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන් දෙදෙනකු ව්‍යායාම මගහරිමින් සිටින බව පුහුණුකරු ඩැව්නෙල් වට්මෝර් මහතා තමන්ගේ සේවා යෝජකයා වූ කි‍්‍රකට් පාලක මණ්ඩලයට පැමිණිළිකළ අවස්ථාවේදී වට්මෝර් මහතාට ලැබුණේ මෙවන් පිළිතුරකි.
”කණ්ඩායමේ යහපත, සුබ සිද්ධිය වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න. අපි ඔබේ තීරණය සමග ඉන්නවා” යන්න එම පිළිතුරයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගමන් ම`ග වෙනස් කළ එම පිළිතුරත් සමගින් කී‍්‍රඩකයන්ට එන්නත් කරන ලද දැඩි කැපවීම, උත්සාහය, අධිෂ්ඨානය මෙන්ම රට නියෝජනය කරන්නා වූ ජාතික කණ්ඩායමක් ලෙසින් ලෝකය ජයගැනීමේ නොතිත් ආශාව නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම 1996 දී ලෝක කුසලාන දිනාගත්තේය.
මේ වසර මුලදී, විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කණ්ඩායමේ නිත්‍ය නායකයා වූ දිනේෂ් චන්දිමාල් සිය කණ්ඩායම මෙන්ම රට වෙනුවෙන් කළ කැපවීම අපට බලාපොරොත්තු විය හැක්කේ වෙනත් කිනම් ක්ෂේත‍්‍රයකදීද?
ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 2007 සහ 2011 දී ලෝක කුසලාන අවසන් මහ තරග දෙකට ගියේත්, 2012 දී අනුශූරයන් වී 2014 විස්සයි-20 ශූරයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කිරුළු පැළඳුවේත්, ක‍්‍රීඩකයන්, කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය, පුහුණුකරුවන් මෙන්ම තේරීම් කමිටු නිලධාරීන්ගේ අප‍්‍රතිහත ධෛර්යයෙනි.
එවන් කඩඉම් ජයගෙන තිබියදීත්, ”මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පසුබෑමට ලක්වී ඇතැ”යි කෙරෙන ප‍්‍රකාශය තරමක් විමතිය දනවන්නකි. ඇතැම් විට එහි තවත් දෘෂ්ඨිකෝණයක් ද තිබිය හැකිය.
එනම්, ක‍්‍රිකට් ක‍්‍රීඩාව හැර, සෙසු ක‍්‍රීඩාවන්හි දී ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පසුබෑමකට ලක්වී තිබේ යන්නයි. එය නම් සැබෑවක්මය.
ක‍්‍රිකට් හැර වෙනත් ක‍්‍රීඩාවන්හිදී ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය බලවත් පසුබෑමකට ලක්ව තිබේ. එහෙත් ඒ පසුබෑම, අදාළ දැන්වීමේ සටහන් වන පරිදි, පසුගිය දශක හයක කාලයේදී නොව, පසුගිය දශක එකහමාර ඇතුළත කාලයේ දී ය.
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් රිදී පදක්කමක් දිනාගත්තායින් පසු ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කමක් දිනාගත හැකිවූයේ වසර 52 කට පසු, 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදීය. ඒ සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්වෙන් දිනාගත් රිදී පදක්කමයි.
සුසන්තිකා වුවද, එම ඔලිම්පික් පදක්කම දිනා ගත්තේ දහසකුත් එකක් දේශපාලන කරදර හිරිහැර මධ්‍යයේ තමන් තුළ පැවැති දැඩි කැපවීම, නොපසුබස්නා වීර්යය සහ දැඩි අධිෂ්ඨානය නිසාමය. එහෙත් 2000 න් පසුව, මේ දක්වා ගෙවීගිය වසර 14 දී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල තුනකට ගියද පදක්කමක් තබා, අඩු තරමේ අවසන් වටයටවත් එන්නට ශ්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයෙකුට හෝ ක‍්‍රීඩිකාවකට නොහැකි විය.
ඔලිම්පික් පදක්කම් පසෙක තිබියේවා ඊට පහළ මට්ටමේ, වෙනත් ක‍්‍රීඩා උළෙලවල ආසන්නම කී‍්‍රඩා උළෙල දෙකක් ගෙන බලමු. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ගියේ 140 ඉක්මවූ කණ්ඩායමකි. එහෙත් බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් සුදේශ් පීරිස් හැරෙන්නට සෙසු සියලූ දෙනාම හිිස් අතින් ආවෝය.
දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැති 2014 ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ජාම බේරාගත්තේ රන් පදක්කමක් දිනාගත් ක‍්‍රිකට් (පිරිමි) කණ්ඩායම සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ක‍්‍රිකට් (කාන්තා) කණ්ඩායමයි. ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් තරගාවලියේදී වුවද ඉන්දියානු සහ පාකිස්තානු කණ්ඩායම් ඊට සහභාගි නොවූ බවත් රහසක් නොවේ.
අද තත්ත්වය එසේ වුවත් 1998 බැංකොක් ආසියානු ක‍්‍රීඩා උළෙලේදී, රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ශී‍්‍ර ලංකාව ආසියාවේ පස්වැනි තැනට පැමිණියේය.
ඉතාමත් දක්‍ෂ ක‍්‍රීඩා ඇමැතිවරයකුට සිටි එස්. බී. දිසානායක මහතා, කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට හොඳ පහසුකම් සපයා දෙමින්, ඔවුනට දිරි දුන්නේය. නමුත්, 90 දශකය පුරා දස්කම් පෑ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පන්නරය ලැබුවේ. එකල ඉතා විශිෂ්ට අන්දමින් සංවිධානය කෙරුණු ‘ජාතික පාසල් කී‍්‍රඩා’ සහ ‘සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා’ තරගවලිනි.
එකල සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා සහ ජාතික පාසල් ක‍්‍රීඩා කෙතරම් තරගකාරී මට්ටමක පැවැතියේ ද යත් 1993 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනා ගත්තේ 1991 පාසල් ක‍්‍රීඩා උළෙලේ දී පුවත්පත් සිරස්තල සැරසූ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න, චමන්ද ෆොන්සේකා වැනි කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ය.
මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් නොව 1991 කොළඹ දී පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද රන් පදක්කම් 44 ට මලල කී‍්‍රඩා පිටියෙන් රන් පදක්කම් 15 ක්, පිහිනුම් තටාකයෙන් රන් පදක්කම් 14 ක්, බොක්සිං වළල්ලෙන් රන් පදක්කම් 3 ක්, වෙඩි පිටියෙන් රන් පදක්කම් 7 ක්, ටෙනිස් පිටියෙන් රන් පදක්කම් 3 ක්, බර ඉසිලීමෙන් දිනාගත් රන් පදක්කමක් සහ වොලිබෝල් (කාන්තා) රන් පදක්කම ද විය. ඒ 1990 දශකය ආරම්භයේ සිට 2000 දක්වා පැවැති තත්ත්වයයි.
1990 ට පෙරත් ඇල්බට් පෙරේරා, එස්. පී. ජයසූරිය (බොක්සිං), නාගලිංගම් එදිරිවීරසිංහම්, නිර්මලා දිසානායක, එස්. එල්. බී. රෝසා, සුනිල් ගුණවර්ධන, විමලදාස පෙරේරා, (මලල කී‍්‍රඩා), රංජනී ජයසූරිය (ටෙනිස්), නන්දසේන පෙරේරා (ගොල්ෆ්), එම්. ජේ. එම්. ලෆීර් (බිලියඞ් ලෝක ශූරයා), ටේරවර් ද සිල්වා (පාපැදි) සහ රේ විජේවර්ධන (ඔරු පැදීම) වැනි කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අන්තර්ජාතික කෙළි බිමේදී ශී‍්‍ර ලංකා ධජය ඔසවා තැබූහ.
එදා තත්ත්වය එසේ වුවත් මීළඟ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් නොව මොනවා හෝ ‘පදක්කම්’ කීයක් දිනාගත හැකිද?
පසුබෑම ඇත්තේ පසුගිය දශක හයේද නැතහොත් පසුගිය දශක එකහමාර තුළද? කී‍්‍රඩා අමාත්‍යංශයේ තක්සේරුව නිවැරදිද?
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.