තාරුණ්‍යට හෙටක් සංවිධානය මගින් 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘කාල්ටන් සුපර් ස්පොට්ස්’ තරග මාලාව මේ මස 7, 8 සහ 9 යන දින වලදී තිස්සමහාරාම ධාවන පථයේදී සහ ඒ අවට පැවැත්වීමට නියමිතය.
මෙවර තරග මාලාව කී‍්‍රඩා ඉසව් 10 කින් සමන්විත වන අතර මවුන්ටන් පාපැදි, තුන් ප‍්‍රයාම, වෙඩි තැබීම, බොක්සිං, කඹ ඇදීම, ඔරු පැදීම, රුවල් ඔරු පැදීම, 4-4, මෝටර් රථ සහ යතුරුපැදි යන තරගා ඊට ඇතුළත්වේ.
මෙම සියලූම තරගාවලි වල සංවිධාන කටයුතු තාරුණ්‍යට හෙටක් සංවිධානයේ නිල කී‍්‍රඩා සමාජය වන කාල්ටන් කී‍්‍රඩා සමාජය, ඒ ඒ කී‍්‍රඩා වලට අදාල කී‍්‍රඩා සම්මේලන සහ කී‍්‍රඩා සමාජ සමග එක්ව කරනු ලැබේ.
මෙම තරග මාලාව පැවැත්වෙන දින 3 දීම සංගීත ප‍්‍රසංග පැවැත්වීමටත් ඉන් ලැබෙන ප‍්‍රතිලාභ ග‍්‍රාමීය තරුණ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙත බෙදාදීමටත් කටයුතු සැලසුම් කර ඇති බව සංවිධායකයේ පවසති.
තවද මෙහි පැවැත්වෙන සෑම තරගාවලියකම ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා කුසලාන, සහතිකපත් සමග මුදල් ත්‍යාගද පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.