Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන තරගාවලිය 15 වැනිදා කොළඹදී

කායවර්ධන තරගාවලිය 15 වැනිදා කොළඹදී

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝමාගම ටයිට් හායි කායවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කායවර්ධන සම්මේලනය සහ සංස්කෘතික සංගමය සංවිධාන කරන කායවර්ධන තරගාවලියක් මෙම මස 15 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නාඩා රඟහලේදී පැවැත්වේ. එහි මූලික වටයේ තරග පෙරවරු 8.30 ට ආරම්භ කෙරෙන අතර අවසන් මහ තරගය පස්වරු 3.30 ට පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලියේදී ප්‍රවීණ, යොවුන්, පිරිමි සහ කාන්තා යන කාණඩ යටතේ තරග ඉසව් පැවැත්වෙන අතර ඊට සමගාමීව විවිධ ප්‍රසංගයක්ද (නැටුම්, රැඟුම් සමග සංස්කෘතික දර්ශන) පැවැත්වීමට තරග සංවිධායකයෝ අපේක්ෂා කරති.

අධිකරණ, බන්ධනාගාර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ජනාධිපති මෙහෙයුම් කටයුතු ප්‍රධානී සාගල රත්නායක, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ, ටී. අලෙයිලීමා, 306/2සී. සිංහාධිපති ඉස්මිත් හමීඞ්, නිමල් බුලත්සිංහල සහ ලසන්ත අමරසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස එක්වීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ වැඩිදුර විමසීම් ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කායවර්ධන සම්මේලනය සහ සංස්කෘතික සංගමයේ සභාපති කේ. තිලත් ජයවීර (0766530175), ප්‍රධාන ලේකම් කේ. ගාමිණී ද සිල්වා (0763356362), භාණ්ඩාගාරික ඩී. එන්. සිල්වා (0717320570) සහ සුරන්‍යා සුසෑන් (0762027788) යන මහත්ම මහත්මීහු ඇමතීමෙන් ලබාගත හැකිය. 


-036 


අදහස් (0)

කායවර්ධන තරගාවලිය 15 වැනිදා කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.