Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කාන්තා සමස්ත ශූරතාව ගුවන් හමුදාවට

කාන්තා සමස්ත ශූරතාව ගුවන් හමුදාවට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැති 76 වැනි ජාතික මල්ලවපොර තරගාවලියේ කාන්තා සමස්ථ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය. රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ගුවන් හමුදා කී‍්‍රඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.

මෙහිදී ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් භට නිරෝෂණී කරුණාසේන කි. ග‍්‍රෑ. 48 බර පන්තියෙන්ද, නාවික ගුවන් භට මධුෂාණි පි‍්‍රයංගා කුමාරි කි. ග‍්‍රෑ. 55 බර පන්තියෙන්ද, නාවික ගුවන් භට මනීෂා පි‍්‍රයංගා කුමාරි කි. ග‍්‍රෑ. 58 බර පන්තියෙන්ද, නාවික ගුවන් භට මධුවන්ති රූපසිංහ කි. ග‍්‍රෑ. 63 බර පන්තියෙන්ද, නාවික ගුවන් භට අයෝමි සෙනෙවිරත්න කි. ග‍්‍රෑ. 69 බර පන්තියෙන්ද, ගුවන් භට රවිහාරි වීරසිංහ කි. ග‍්‍රෑ. 75 බර පන්තියෙන්ද රන් පදක්කම් දිනාගත්හ.

කි. ග‍්‍රෑ. 60 බර පන්තියෙන් තරග වැදුණ නාවික ගුවන් භට පි‍්‍රයංවදා වික‍්‍රමපාලට සහ කි. ග‍්‍රෑ. 75 බර පන්තියෙන් තරග වැදුණ නාවික ගුවන් භට වරුණි සඳුනිකාට රිදී පදක්කමක් හිමිවූ අතර කි. ග‍්‍රෑ. 60 බර පන්තියෙන් තරග වැදුණ ගුවන් භට කෝකිලා මධුවන්තිට ලෝකඩ පදක්කමක් හිමි විය.  

තරගාවලියේ සමස්ථ පිරිමි අනුශූරතාව ගුවන් හමුදා පිරිමි කණ්ඩායමට හිමි වූ අතර රන් පදක්කමක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගනිමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ තවත් කි‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් කි‍්‍රඩක කි‍්‍රඩිකාවෝ 200 ක් පමණ මෙම තරගාවලියට සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- 036


අදහස් (0)

කාන්තා සමස්ත ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.