Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග ඉරිදා

ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග ඉරිදා

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලිය’ ඉරිදා (25 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී අරම්භ වේ.

මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 19 ත් 40 ත් අතර ආධුනික බොක්සිං තරගාවලියන්හිදී, අතරමැදි බොක්සිං තරගාවලියන්හිදී සහ විවෘත හෝ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග‍්‍රහණ ලබා තිබෙන තරගකරුවන්ට පමණක් සහභාගී විය හැක.

තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන අංශ දෙකින්ම බර පංති 10 ක් යටතේ තරග පැවැත්වේ. පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ 11 වැනිදා 27 වැනිදා දක්වා කසකස්තානයේ පැවැත්වෙන ඒ. අයි. බී. ඒ. ලෝක බොක්සිං ශූරතාවලිය සඳහා සහභාගී කරවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගනු ලබන්නේද මෙම තරගාවලියෙනි.

ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය විසින් 2013 වසරේ හඳුන්වා දෙන ලද නව නීති රීති වලට අනුව සියලූ තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.


අදහස් (0)

ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.