ජාත්‍යන්තර ඔකිනාවා ගොජුරියු කරාටේ සංගමයේ සහ ජපන් ෂෝටෝඛාන් කරාටේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් හත් වැනි වරටත් සංවිධානය කරනු ලබන කරාතේ ශූරතාවලිය මේ මස 25 වන දින කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ජාත්‍යන්තර ඔකිනාවා ගොජුරියු කරාටේ සංගමයේ අධ්‍යක්ෂ, ලෝක කරාතේ ශූර කියෝෂි ඩෙනිස් මේ ඇතුළු දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර එය නොමිලේ නැරඹීමේ අවස්ථාව කරාටේ ලෝලීන්ට හිමිවේ. තරගාවලියට ශී‍්‍ර ලංකාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, නේපාලය ඉන්දියාව සහ මලයාසියාව යන රටවල කී‍්‍රඩකයෝ සහභාගි වෙති.
ලෝක තරාටේ පාලක මණ්ඩලයේ නීති වලට අනුව තරගාවලිය පැවැත්වෙන අතර තරඟ විනිශ්චය කරනු ලබන්නේ ජාත්‍යන්තර උපදේශකවරුන් විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.