ශ‍්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ විනිසුරුවන් සහ අනුබද්ධ සංගම්වල සාමාජිකයන් සඳහා වන විනිසුරු පුහුණු වැඩසටහන අද (28) පෙරවරු 9.00 සිට ටොරින්ටන්, ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ.
මෙහි ප‍්‍රධාන දේශක ලෙස ලෝක කරාටේ ‘ඒ’ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවකු වන නවසීලන්ත ජාතික රොබර්ට්ස් ස්මිත් මහතා කටයුතු කරයි. ආසියානු ශාන්තිකර කළාපයේ ‘ඒ’ ශ්‍රේණියේ විනිසුරුවකු වන නවසීලන්තයේ පදිංචි ධම්මික කේ. ආරියරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
මෙම වැඩසටහනට සමගාමීව ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ ජාතික පුහුණුකරුවන්ට නවීණ ක‍්‍රීඩා විද්‍යාව සහ පුහුණුව පිළිබඳව වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.