ශ‍්‍රී ලංකා කරාටේ සම්මේලනය සංවිධානය කරන 45 වැනි ජාතික කරාටේ ශූරතාවලිය හෙට (19) දවස පුරා මහරගම තරුණ සේවා සභා රඟහලේදී පැවැත්වේ. මෙවර තරගාවලියට ක‍්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2000 කට ආසන්න පිරිසක් සහභාගිවෙති.
ජේ්‍යෂ්ඨ සහ ප‍්‍රවීණ (වයස 36 සිට 70 දක්වා) ඉසව් දෙකට අමතරව කනිෂ්ඨ තරග ද එහිදී පැවැත්වේ. වයස 21 න් පහළ, වයස 16-17 කනිෂ්ඨ, වයස 14-15 ආධුනික සහ වයස 13 න් පහළ ලෙස කොටස් හතරකින් තරග පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ ප‍්‍රතිඵල අනුව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා කරාටේ කණ්ඩායමේ පුහුණු සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.