ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය ප‍්‍රධාන ජාතික පුහුණුකරු ලෙස ජාත්‍යන්තර කළු පටි 7 වැනි ශ්‍රේණියේ ඩිප්ලෝමාධාරියකු වන එන්. ලොකුකළුගේ මහතා පත්කර තිබේ.
ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වෙන අකුණු ආසියානු, ආසියානු, ලෝක ශූරතා සහ 2020 ඔලිම්පික් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික කරාටේ කණ්ඩායමේ පුහුණකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
2005-2006 දකුණු ආසියානු කරාටේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර දැරූ ලොකුකළුගේ මහතා ‘ෂොටෝකාන්’ කරාටේ සංගමයේ තාක්ෂණික අධ්‍යක්ෂක වරයා ලෙසද කටයුතු කරයි.
ජපානයේ පැවති ජාත්‍යන්තර කරාටේ වැඩමුළු 25 කට වැඩි ප‍්‍රමාණයකට සහභාගිවී ඇති ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට පෙරත් ජාතික කරාටේ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සහ කළමණාකාර තනතුරු දරා තිබේ.
මේ වන විට ඔහු ජේ. කේ. එෆ්. දොජෝකායි ජාත්‍යන්තර කරාටේ සංවිධානයේද ප‍්‍රධාන උපදේශක ධූරය දරන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප‍්‍රධාන කරාටේ පුහුණුකරු හා ක‍්‍රීඩා කළමණාකරු ලෙසද කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.