Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කර්නල් මංජුල යළිත් සේවයට

කර්නල් මංජුල යළිත් සේවයට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සේවය අත්හිටුවා තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) කර්නල් මංජුල කාරියවසම් මහතා යළි සේවයේ පිහිටුවා තිබේ. ඒ අනුව පසුගිය සිකුරාදා (8) සිට ඔහු යළිත් පත්වීම් ලබා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන, සංවර්ධන හා පුහුණු) ධුරය සඳහාය.

පසුගිය පෙබරවාරි මාසයේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කළ මෙම පත්වීමට එරෙහිව රජයේ ගුරු සංගමයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ නඩු පැවරීමකට අනුව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබිණ.

කෙසේ වුවත් එම ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් නඩුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කිරීමත් සමඟ කාරියවසම් මහතා යළි සේවයේ පිහිටුවා තිබේ. එම ධුරයේ අත්හිටුවීමෙන් පසුව ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ධුරය (ශාරීරික අධ්‍යාපන, ක්‍රීඩා) දැරීය.

 


අදහස් (0)

කර්නල් මංජුල යළිත් සේවයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.