Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කම්පවුන්ඩ් ශූරිය හර්ෂනී

කම්පවුන්ඩ් ශූරිය හර්ෂනී

editorial - 2022 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඇම්.ඩබ්.සෝමරත්න - මාතලේ )

දුන්නෙන් විදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද 20 වන ජාතික තරඟාවලියේදී කම්පවුන්ඩ් ඉසව්වේදී 2021 වසරේ කාන්තා ශුරතාවය මාතලේ අලුවිහාරේ පදිංචි හර්ෂණී ශෂිකලා කුමාරසිංහ විසින් දිනාගන්නා ලදි. 2005 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ජාතික දුනු විදීමේ කණ්ඩායම නියෝජනය කරන හර්ෂණී ජාතික, අනු ශූරතා හා කණ්ඩායම් ශූරතා විටින් විට ලබා ගෙන ඇත.

2005, 2006, 2008, 2010 සහ 2016 යන වර්ෂ වලදී පැවති දකුණු ආසියානු දුන්නෙන් විදීමේ තරගාවලීන්හිදී  ලෝකඩ හා රිදී පදක්කම් දිනා ඇති හර්ෂණී 2010 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පුහුණු තරඟාවලියේ අවසන් 8 දෙනා අතරට පැමිණියාය.  2017 සහ 2018 වසරවලදී ඇමරිකාවේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ පැවති දුන්නෙන් විදීමේ තරගාවලිවල කම්පවුන්ඩ් ඉසව්වේ ශූරතා දිනාගැනීමටද ඇය සමත් වූවාය.

2016 වසරේ දුන්නෙන් විදීමේ දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ඇය පසුගිය වසරේදී පැවැති ලෝක ශූරතාවලියටද සහභාගි වූවාය.


අදහස් (0)

කම්පවුන්ඩ් ශූරිය හර්ෂනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.