ආසියානු කනිෂ්ඨ කබඩි තරගාවලියට සහ තුන්වැනි ආසියානු කලාපීය කබඩි තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග හෙට අනිද්දා (10-11) පෙරවරු 9.00 ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අපේ‍්‍රල් මස 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ඉරානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ කබඩි තරගාවලියට පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම අද (10) පෙරවරු 9.00 ට පැවැත්වෙන බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ලක්සිරි බණ්ඩාර මහතා පැවසීය.
මේ සදහා 1996 අපේ‍්‍රල් මස 13 වැනිදාට පසුව උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවිය හැකි බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය දන්වා සිටියි.
පිරිමි තරගාවලිය සදහා කිලෝග්‍රෑම් 70 ට අඩු ක්‍රීඩකයන්ටද, කාන්තා තරගාවලිය සදහා කිලෝග්‍රෑම් 65 ට අඩු ක්‍රීඩිකාවන්ටද සහභාගිවිය හැකිය. කණ්ඩායම් දෙකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනා බැගින් තෝරා ගැනේ.
ආසියානු කලාපීය කබඩි තරගාවලියට (පිරිමි) ක්‍රීඩකයන් මේ මස 11 වැනිදා පෙරවරු 9.00 ට තෝරා ගැනේ. මෙම තේරීම් පරීක්ෂණයේදී ක්‍රීඩකයන් 12 දෙනකු තෝරා ගැනීමට නියමිතය.
මෙම තරගාවලිය අපේ‍්‍රල් මස 27 වැනිදා සිට මැයි මස 2 වැනිදා දක්වා පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.