Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලිය වසර පහකට පසුව කොළඹදී

කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලිය වසර පහකට පසුව කොළඹදී

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලිය මෙම 17-18-19 යන දිනවල පෙරවරු 9 සිට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී හා කොළඹ සුගතදාස  ගෘහස්ථ පිටියේ දී පැවැත්වේ.

ජාතික ජිම්නාස්ටික් සංගමයේ ලේකම්  උදාර එස්. ලියන්විල මහතා පවසන්නේ ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලිය සංවිධානය වන්නේ වසර පහකට පසුව බවත්, එය 2024 ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතා තරගාවලියට නිර්දේශ කෙරෙන ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් පුහුණු සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ තරගාවලියක් ලෙස පවත්වන බවයි.

වයස 14සිට 16න් පහළ දක්වා වන වයස් කාණ්ඩයන්ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගි විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු උදාර එස් ලියන්විල මහතා දුරකථන අංක 0777626424 ඇමතීමෙන් ලබාගත හැකිය.

- 223


අදහස් (0)

කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලිය වසර පහකට පසුව කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.