Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය 16 දා සිට

කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය 16 දා සිට

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය මේ මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘ප‍්‍රීමා සන්රයිස්’ අනුග‍්‍රහයෙන් 6 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය 18 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා විවෘත වන අතර කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වේ.

තරගාවලියට සහභාගීවීමට නියමිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 70 ක් පමණ වන අතර ඉන් අවුරුදු 15 සිට 17 දක්වා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රන් කාණ්ඩයෙන්ද, අවුරුදු 11 සිට 14 දක්වා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රිදී කාණ්ඩයෙන්ද, අවුරුදු 10 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ලෝකඩ කාණ්ඩයෙන්ද, තරගාවලියට එක්ව සිටිති.

මේ වන විට ශී‍්‍ර ලංකා ගොල්ෆ් පිටියේ සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයන් වන අනුර රෝහණ, මිතුන් පෙරේරා, බිනුප විජේසිංහ, ලලිත් කුමාර, තිස්ස චන්ද්‍රදාස, රනිල් පීරිස් හා ධනික ද සිල්වා කලකට ඉහතදී මෙම තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ කී‍්‍රඩකයෝ වෙති.

ඉකුත් වසරේ පැවති කනිෂ්ඨ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සචින් ද සිල්වා සමත්වූ අතර එහි අනුශූරතාව චලිත පුෂ්පික විසින් හිමිකරගන්නා ලදී.

 

තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත පී‍්‍රමා ව්‍යාපාර සමූහයේ සාමාන්‍යාධිකාරි ටන් බෙන් චුවාන් මහතා විසින් ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ උප සභාපති සහ කමිටු සමාජික පි‍්‍රයාත් ප‍්‍රනාන්දු මහතාට ප‍්‍රදානය කරන ලද අවස්ථාව. සිලෝන් ඇග්‍රො ආයතනයේ සාමාන්‍යාධිකාරි ශුන් ටයින් සියැං, එම ආයතනයේ ව්‍යාපාර සහ අළෙවිකරණ කළමණාකරු සජිත් ගුණරත්න සහ මයිකල් මාගල යන මහත්වරුන්ද ඡයාරූපයේ සිටිති.

ඡයාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය 16 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.