ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 26 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය දෙසැම්බර් මස 5 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේද පැවැත්වේ.
මෙහිදී වයස අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා තරග පැවැත්වෙන අතර 11 න් පහළ, 15 න් පහළ, සහ 19 න් පහළ යන වයස් කාණ්ඩවල අධුනික තරගකරුවන් සඳහා වෙනම තරගද පැවැත්වේ.
රිස්බරි චොකලට් සමාගමේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ 19 න් පහළ වයස් කාණ්ඩයේ බාලක අවසන් මහ තරග දෙසැම්බර් මස 12 වැනිදා පස්වරු 4.00 සිට පැවැත් වීමට නියමිතය.
තරගාවලියට සහභාගී වීමට කැමති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ‘ලේකම්, ශ්‍රී ලංකා ස්කෝෂ් සම්මේලනය, නො. 33, නිදහස් චතුරස‍්‍රය, කොළඹ 7’ යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය. අයැදුම්පත් බාරගැනීම මෙම 18 වැනිදා ආරම්භ වන අතර 27 වැනිදා පස්වරු 1.00 ට අවසන් වේ.
තරගාවලියේ කුසපත් ඇදීම දෙසැම්බර් මස 2 වැනිදා පස්වරු 5.00 ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලන ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර 3 වැනිදා එය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දැන්වීම් පුවරුවේ ප‍්‍රදර්ශනය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.