Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කණිටු කැරම් ශූරතාවට අයැදුම්පත් අනිද්දා අවසන්

කණිටු කැරම් ශූරතාවට අයැදුම්පත් අනිද්දා අවසන්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (24) අවසන් වේ. තරගාවලිය මාර්තු මස 5 වැනිදා සිට සති අන්තයේදී කොහුවල ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ 19 න් පහළ සහ 21 න් පහළ යන වයස් කාණ්ඩවලින් පිරිමි සහ කාන්තා කේවළ ඉසව් තරග පැවැත්වේ. 21 න් පහළ සහ 17 න් පහළ වයස් කාණ්ඩ දෙකට පිරිමි සහ කාන්තා යුගළ ඉසව් ද ඇතුළත්ය.

කැරම් ක‍්‍රීඩාවට උනන්දුවක් දක්වන  ඕනෑම ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට මෙම වයස් කාණ්ඩ යටතේ තරගාවලියට සහභාගිවී ජාතික මට්ටමට පැමිණීමේ අවස්ථාව උදාකරගත හැකිය.

කොහුවල සුනේත‍්‍රදේවි පාරේ, නො:25, ස්ථානයේ කැරම් සම්මේලනයෙන් අයැදුම්පත් ලබාගත හැකිය. අයැදුම්පත් බාර ගැනීම අනිද්දා පස්වරු 12.00 ට අවසන් වෙයි.

 


අදහස් (0)

කණිටු කැරම් ශූරතාවට අයැදුම්පත් අනිද්දා අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.