‘කඩු හරඹ ක්ර්රීඩාව’ දිවයින තුළ ප්‍රචලිත කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ජාතික කඩු හරඹ සංගමය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික කඩු හරඹ ශුරතාවලිය හෙට (21) සහ අනිද්දා (22) දෙදින කොග්ගල, අහංගම සාරිපුත්‍ර කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රධාන වශයෙන් ෆොයිල් (Foil), එපී (Epee), සබ්රේ (Sabre) යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශ දෙක සඳහාම කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්වේ. කේවල අංශයේ මූලික වටයේ තරග වලින් එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී, සබ්රේ) ඉහළම දස්කම් දක්වන කඩු හරඹ ක්‍රීඩකයින් 8 දෙනා බැගින් තෝරාගෙන, ඔවුන්ව අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරේ.
එහි අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවන අතර තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයකින් තොරවම අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලෝකඩ පදක්කම් හිමිවේ.
කණ්ඩායම් අංශයේ තරග වලදී එක් කණ්ඩායමකට ෆොයිල් කී‍්‍රඩකයකු, එපී කී‍්‍රඩකයකු, සබ්රේ කී‍්‍රඩකයකු, ෆොයිල් කී‍්‍රඩිකාවක, එපී කී‍්‍රඩිකාවක, සබ්රේ කී‍්‍රඩිකාවක, විවෘත ආයුධ කී‍්‍රඩකයකු සහ විවෘත ආයුධ කී‍්‍රඩිකාවක බැගින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකු සිටිය යුතුය.
මෙම තරගාවලිය කඩු හරඹ නීතීරීතී සහ ජාතික කඩු හරඹ සංගමයේ තාක්ෂණික නීතීරීතී වලට අනුව කි‍්‍රයාත්මක වන අතර යහපත් තරගාවලියක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉහළම ක්‍රීඩා ශීලීත්වයක් බලාපොරොත්තු වන බව ජාතික කඩු හරඹ සංගමයේ නිලධාරියෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.