Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කිමිකෝ රහීම්ගෙන් රන් පදක්කම් 2 ක්

කිමිකෝ රහීම්ගෙන් රන් පදක්කම් 2 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති පිහිනුම් තරග වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

එහිදී කාන්තා මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්ත්පර 26.49 කින්ද, මීටර් 100 පසුපස ආර ඉසව්ව විනාඩි 1:03.78 කින්ද නිමා කරමින් එම ඉසව් දෙකේම රන් පදක්කම් දිනාගැනීමට කිමිකෝ රහීම් සමත් වූවාය. කිමිකෝ රහීම් මෙම තරගාවලියේදී දිනාගත් තෙවැනි රන් පදක්කම මෙයයි. මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ඇගේ සොහොයුරිය වන මිචිකෝ රහීම් සමත් වූයේ එම ඉසව්ව තත්ත්පර 27.40 නිමා කරමිනි.

පිරිමි මීටර් 400 මිශ‍්‍ර ආර ඉසව්ව විනාඩි 4:40.47 කින් නිමා කළ මැතිව් අබේසිංහ, අද දිනයේදී සිය 5 වැනි රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

තවද අද පැවැති තරග වලදී කාන්තා මීටර් 800 නිදහස් ආර ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ඉෂානි එරන්දිකා සමත් වූ අතර මීටර් 50 ලය ආර ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හසන්ති නුගවෙල (තත්පර 35.69) සමත් වූවාය. මීටර් 50 ලය ආර ඉසව්ව තත්ත්පර 35.99 කින් අවසන් කළ රමුදි සමරකෝන්ට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවිය.  


- 036

 


අදහස් (0)

කිමිකෝ රහීම්ගෙන් රන් පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.