Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඕල්කට් පාසල් ක‍්‍රිකට් සැණකෙළිය අද

ඕල්කට් පාසල් ක‍්‍රිකට් සැණකෙළිය අද

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමාගේ පුරෝගාමිත්වයෙන් බිහිවු පාසල්වල එකතුවෙන් පිහිටවූ ‘ ඕල්කට් පාසල් ආදි ශිෂ්‍ය සංගම් විධායක කමිටු සාමාජිකයන්ගේ සංගමය’ සංවිධාන කරන සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සැණකෙළිය අද (28) පෙරවරු 8.30 සිට කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ශූරතාවට රුපියල් 200,000 ක් ද, අනු ශූරයන්ට රුපියල් 100,000 ක් ද, පිරිනැමීමට නියමිතය. ඊට අමතරව තරගාවලියේ වීරයාට සහ අවසන් තරගයේ වීරයාට රුපියල් 50,000 ක් බැගින් ද, දක්‍ෂතම පිතිකරුට සහ පන්දු යවන්නා රුපියල් 25,000 බැගින් ද පිරිනැමීමට නියමිතය.

මෙම තරගාවලියට කොළඹ ආනන්ද, කොළඹ නාලන්දා, ගාල්ල මහින්ද, මාතර රාහුල, අම්බලන්ගොඩ ධර්මාශෝක, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් කන්ඩායම් සහභාගි වෙයි.

 


අදහස් (0)

ඕල්කට් පාසල් ක‍්‍රිකට් සැණකෙළිය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.