ජාතික ක‍්‍රීඩා පනත සංශෝධනය කිරීමේදී පැන නැගී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡ කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඊයේ (30) ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මුණ ගැසුණු බව වාර්තාවේ. ඔවුන් දෙදෙනා සාකච්ඡ සඳහා එකිනෙකා මුණ ගැසුණේ වසර දෙකහමාරකට පසුව බැවින් ඊයේ ඔවුන්ගේ හමුව ක‍්‍රීඩා ක්ෂේත්රයේ දැඩි අවධානයට යොමු විය.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාත් සමග ඊයේ රීඞ් මාවත ක‍්‍රීඩා අමාත්‍යාංශය කාර්යාලයට ගිය ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බවත් වාර්තා වේ.
එහිදී ඔවුන් දෙදෙනාගේ පළමු හමුුවේ සාකච්ඡ ඉතා සුහදශීලීව කෙරී තිබෙන අතර අන්තර් ජාතික ඔලිම්පික් ප‍්‍රඥප්තියට අහිතකර යයි ජාතික ඔලිම්පික් කමිටුව අර්ථ දක්වා තිබෙන ක‍්‍රීඩා පනතේ වගන්ති සංශෝධනය ඉක්මනින් අවසන් කිරීමට දෙදෙනාම එකඟතාවය පළකර තිබේ.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා වත්මන් ක‍්‍රීඩා ඇමැතිවරයා අතර කාලයක් තිස්සේ ඇතිව තිබූ බව කියන විරසකය පසුගිය කාලයේදී ක‍්‍රීඩා ක්ෂේත්රයේ දැඩි කථාබහකට ලක්වූ අතර එය දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ද අවධානයට යොමුවූ පුවතක් විය.
මෑතකදී ක‍්‍රීඩා පනතේ සිදුවූ වගන්ති සංශෝධනයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවට එම කමිටුව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණිලි කිරීමත් සමග ප‍්‍රශ්නය වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගත් අතර එහිදී දෙපාර්ශ්වය අතර විරසකයක්ද පැවතිණි.
ක‍්‍රීඩා පනතේ නව සංශෝධන තුළින් අන්තර් ජාතික ඔලිම්පික් ප‍්‍රඥප්තියට බලපෑම් කරන තත්ත්වයක් මතුවී ඇතැයි පසුගිය සැප්තැම්බර් 6 වැනිදා දාතමින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධතා අධ්‍යක්‍ෂ පියරේ මීරෝ හා ආසියානු ඔලිම්පික් සංගමයේ අධ්‍යක්‍ෂ ජනරාල් හා තාක්ෂණික අධ්‍යක්‍ෂ හුසේන් අල් මුසලාම් යන මහත්වරුන්ගේ අත්සනින් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලිපියක් ද යොමු කර තිබුණි.
අර්බුදය මතුවීමෙන් පසු ශ්‍රී ලංකවේ දෙපාර්ශ්වය කැඳවා ස්විට්සර්ලන්තයේ ලූසාන් නගරයේ පිහිටි අන්තර් ජාතික ඔලිම්පික් කමිටු මූලාස්ථානයේදී සාකච්ඡවක්ද පැවැත්වුණු අතර එහිදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කර සිටියේ එළඹෙන ජූනි 20 වැනිදාට පෙර ක‍්‍රීඩා පනතේ ඔලිම්පික් ප‍්‍රඥප්තියට අහිතකර යයි කියවෙන වගන්ති සංශෝධනය කිරීමට පියවර ගත යුතු බවය. මෙම අර්බුදය හමුවේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ද අත්හිටවනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.