Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ අවසන් මහ තරගය හෙට

එල්ලේ අවසන් මහ තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධානය කරන ජාතික එල්ලේ තරගාවලියේ අවසන් මහා තරගය හෙට (28 වැනිදා) වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් තරගයට ඒකල රශ්මි කණ්ඩායම සහ දඵවකොටුව ජනපද කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති. ඒකල රශ්මි කණ්ඩායම අවසන්වරට 2014 වසරේ පැවැති ජාතික එල්ලේ තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි.

ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 140 ක පමණ සහභාගීත්වයෙන් ආරම්භ වු මෙම තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගයෙන් රශ්මි කණ්ඩායම විසින් මුදුන්ගොඩ හංස කණ්ඩායම පරාජය කරන ලදී. දෙවැනි අවසන් පුර්ව තරගයෙන් කොටුවිල මිත‍්‍ර කණ්ඩායම පරදවා ජනපද කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ අනුශූරයන්ට රුපියල් 50,000 ක් සහ තෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් 25,000 ක් ලෙස ත්‍යාග පිරිනැමේ.

මුදුන්ගොඩ හංස කණ්ඩායම සහ කොටුවිල මිත‍්‍ර කණ්ඩායම අතර තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් මුදුන්ගොඩ හංස කණ්ඩායම ලකුණු 3 ක ජයක් ලැබීය.

තරගයේදී හංස කණ්ඩායම ලකුණු 15 ක් ලබාගත් අතර මිත‍්‍ර කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 12 කි.

සමස්ත තරගාවලියේදී එල්ලේ ශූරයා, දක්ෂතම උඩ පන්දු රකින්නා සහ වැඩිම ලකුණු ලබාගන්නා ක‍්‍රීඩකයාට පමණක් නොව අවසන් තරගයේ වීරයා, දක්ෂතම පන්දු රකින්නා සහ වැඩිම ලකුණු ලාභියාට ද ත්‍යාග පිරිනමන බව සංවිධායකවරු පවසති.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (1)

එල්ලේ අවසන් මහ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.