Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්. වී. ජයවීර අනුස්මරණ තරග 7 දා සිට

එල්. වී. ජයවීර අනුස්මරණ තරග 7 දා සිට

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය 42 වැනි වරටත් සංවිධානය කරන ‘එල්. වී. ජයවීර’ අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලිය මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹ මහානාම විදුහලේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේදී වයස් කාණ්ඩ 4 ක් යටතේ බර පංති 16 කින් තරග පැවැත්වෙන අතර 50 කට අධික පාසල් සංඛ්‍යාවක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 350 දෙනෙක් පමණ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.

මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ස්ටබ්ස් පළිහ තරගාවලියට සහභාගීවීම සඳහා අවස්ථාව උදාවේ. තරගාවලිය පිළිබඳ වැඩිදුර විස්තර 071 4446748 (රුක්මන් වෑකඩපොළ) සහ 077 2250026 (සුජිත් කළුගල්දෙණිය) ඇමතීමෙන් දැනගත හැකිය.

අවසන් වරට පැවැති ‘එල්. වී. ජයවීර’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉංගිරිය ගාමිණී මැදි විදුහල සමත් වූ අතර අනුශූරතාව හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයට හිමිවිය.

කිලෝ ග‍්‍රෑම් 39-41 බර පංතියෙන් තරග වැදුණ ඉංගිරිය ගාමිණී මැදි විදුහලේ කේ. වී. එරන්ද එවර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර දක්ෂතම පරාජිතයා ලෙස කිලෝ ග‍්‍රෑම් 33-35 බර පංතියෙන් තරග වැදුණ පිළිමතලාව මැදි විදුහලේ එස්. ජී. බණ්ඩාර සම්මාන ලැබීය.


අදහස් (0)

එල්. වී. ජයවීර අනුස්මරණ තරග 7 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.