Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඌව පළාත් බැඩ්මින්ටන් ශූරයා ලෝචන : ශූරිය නදීෂා

ඌව පළාත් බැඩ්මින්ටන් ශූරයා ලෝචන : ශූරිය නදීෂා

editorial - 2022 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුග්‍රහය යටතේ ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ ‘ඌව පළාත් විවෘත’ සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ලෝචන ද සිල්වාද, කාන්තා ශූරතාව දිනාගැනීමට නදීෂා ගයාත්‍රීද සමත් වූහ. එහිදී ඔවුන් දෙදෙනාම ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. 

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 5 ක් පුරා පැවැති මෙම ශූරතාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ශූරතා දිනාගැනීමට ලෝචන සමත් වූ අතර කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ශූරතා දිනාගැනීමට නදීෂා සමත් වූවාය. මිශ්‍ර යුගල ශූරතාව දිනාගත්තේ ලෝචන සහ නදීෂා එක්ව තරගවදිමිනි. 

සමස්ත ලංකා ශේණිගත කිරීමේ තරගාවලියක් ලෙස කනිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකකින් තරග පැවැති මෙම ශූරතාවලියේදී කනිෂ්ට අංශය යටතේ අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ බාලක කේවල, බාලක යුගල, බාලිකා කේවල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් පැවැත්විණ.  

අවුරුදු 30 න් ඉහළ, 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ සහ 70 න් ඉහළ වශයෙන් ජ්‍යෙෂ්ඨ අංශය යටතේ පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්විණ. 

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග, සහතික පත් සමග කුසලාන පිරිනැමීම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පති ක්‍රිස්ටෝපර් බාල්රාජ් පියතුමා සහ තරග සංවිධායක තිලක් ජයසිරි මහතා ඇතුළු ඌව පළාත් බැඩ්මින්ටන් සංගමයේ සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරිහු රැසක් මේ අවස්ථාවට එක් වූහ. 

තරග ප්‍රතිඵල 

පිරිමි කේවල
ලෝචන ද සිල්වා විසින් වට 2-1 ක් ලෙස ජේසන් හෝමර් පරාජය කරන ලදි. (21/18, 18/21, 21/12) 
කාන්තා කේවල
නදීෂා ගයාත්‍රි විසින් වට 2-0 ක් ලෙස අංජලි ජයසුන්දර පරාජය කරන ලදි. (21/12, 21/12) 
පිරිමි යුගල 
ලෝචන ද සිල්වා සහ රෙසින්ත ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස දිනිරු රෂ්මිත සහ ළහිරු වීරසිංහ පරාජය කරන ලදහ. (21/16, 22/20) 
කාන්තා යුගල 
නදීෂා ගයාත්‍රි සහ කාවින්දිකා ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස චම්‍යා නිර්මලී සහ කේතකී වෙදමුල්ල පරාජය කරන ලදහ. (21/12, 21/06) 
මිශ්‍ර යුගල 
ලෝචන සිල්වා සහ නදීෂා ගයාත්‍රි විසින් වට 2-0 ක් ලෙස හංස ද සිල්වා සහ චම්‍යා නිර්මලී පරාජය කරන ලදහ. (21-12, 21-09

 


අදහස් (0)

ඌව පළාත් බැඩ්මින්ටන් ශූරයා ලෝචන : ශූරිය නදීෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.