දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 11 වැනි වූ අද (29) ශ‍්‍රී ලංකා මීටර 400X4 සහය දිවීමේ පිරිමි කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
ශ‍්‍රී ලංකා පිල ඊයේ රාත‍්‍රී සහභාගි වූ පළමු මූලික තරගය විනාඩි 3:10.30 කින් අවසන් කරමින් 5 වැනි ස්ථානයට පත්වූවද කාලය අනුව අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙහිදී මූලික තරග දෙකක් පැවැති අතර ඉන් පළමු ස්ථාන හය සහ ඊට පසුව හො`දම කාලය වාර්තා කරන කණ්ඩායම දෙක ඇතුඵ කණ්ඩායම් අට අවසන් තරගයට සුදුසුකම් ලබයි. ඒ අනුව පළමු මූලික තරගයේ සිවුවැනි ස්ථානයට පත්වූ ඕමානය (3:10:01) සහ ශ‍්‍රී ලංකාව හත්වැනි සහ අටවැනි කණ්ඩායම් ලෙස සුදුසුකම් ලබා ගත්තේය.
දෙවැනි මූලික තරගයේ සිවුවැනි ස්ථානයට පත්වූ හොං කොං පිල (3:11.28) කාලය පසු පසින් සිටීම නිසා අවස්ථාව අහිමිවිය.
දෙවැනි මූලික තරගයට සහභාගි වූ ප‍්‍රබල කණ්ඩායමක් වන ඉරාන පිල දෙවැනි ස්ථානයේ සිටියදී යෂ්ඨි හුවමාරුව අසාර්ථක වීමෙන් තරගයෙන් ඉවත් වීම ශ‍්‍රී ලංකාවට මෙම අවස්ථාව ලැබීමට ප‍්‍රධාන සිද්ධිය බවට පත්විය.
ශ‍්‍රී ලංකා පිල අටවැනි මංතීරුවේදී ධාවනයේ යෙදුණු අතර කාලිංග කුමාර තරගය ආරම්භ කරමින් දෙවැනි ස්ථානය රැකගනිමින් පැමිණිය ද ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ සිට සහය දිවීමේ ඉසව්වේදී දක්වන දුර්වලතා පරම් පරාවට ගෙන එමින් අංජන මධුෂාන්ට යෂ්ඨිය භාර දුන්නේය. කාලිංග සහ අංජන අතර අති දුර්වල යෂ්ඨි මාරුවත් සමග ශ‍්‍රී ලංකාව පසු පසට තල්ලූ විය.
අංජන මධුෂාන් පස්වැනි ස්ථානයට තෙවැනියා වන කසුන් කල්හාර යෂ්ඨිය භාර දුන් අතර තව දුරටත් පසු පසට තල්ලූ වෙමින් හයවැනි ස්ථායේදී නලීන් කරුණාරත්න යෂ්ඨිය භාරගත් අතර කරුණාරත්න පස්වැනි ලෙස තරගය අවසන් කළේය.
පළමු මූලික තරගයෙන් ජපානය (3:05.53), චීනය (3:09.19) සහ කාසකස්තානය (3:09.92) අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මීටර 400X4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ අවසන් තරගය අනිද්දා (2 වැනිද) රාත‍්‍රී 8.25 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.05 ට පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර ඊයේ පස්වරුවේ සහභාගි වූ උස පැනීමේ අවසන් තරගයේදී 12 වැනි ස්ථානයට පත්විය. එම තරගයට ක‍්‍රීඩකයන් 19 දෙනකු සහභාගි වූ අතර මංජුලට සාර්ථක කරගත හැකි වූයේ මීටර 2.15 ක් පමණි.
මංජුල මීටර 2.20 අවස්ථා තුනේදීම අසාර්ථක වීමෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවූ අතර කෙසේ වෙතත් 30 හැවිරිදි මංජුල සාර්ථක කර ඇති වැඩිම උස ප‍්‍රමාණය මීටර 2.27 කි. ඔහු මම තරගයට සහභාගි වන අවස්ථාව වන විට ආසන්නතම වැඩිම උස ලෙස සටහන්ව තිබුණේ මීටර 2.21 කි.
මංජුල සිය දස්කම් අඛණ්ඩව රදවා ගැනීමට සමත් වූයේ නම් මෙහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමේ අවස්ථාව තිබුණි.
මංජුල මීටර 2.15 පළමු අවස්ථාවේදීම දක්‍ෂ ලෙස පනිමින් පෙරමුණට යෑමට මග සකසා ගත්තේය. ඔහු මීටර 2.10 පළමු අවස්ථාවේ අසාර්ථක වූව ද දෙවැනි අවස්ථාවේදී සාර්ථක කර ගත්තේය.
කටාර් ක‍්‍රීඩක මුටාෂ් අයිස්සා මීටර 2.35 ක් පනිමින් වසර 32 ක් පැරණි ආසියානු ක‍්‍රීඩා උස පැනීමේ වාර්තාව අලූත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. 1982 වසරේ නවදිල්ලි ආසියානු ක‍්‍රීඩා උළෙලේදී චීන ක‍්‍රීඩක ජුවන්හුවා මීටර 2.33 ක් පනිමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
රිදී පදක්කම චීන ක‍්‍රීඩක ශහක් ගො ඕවේ (2.33) ද, ලෝකඩ පදක්කම කටාර් ක‍්‍රීඩක මුයමර් අයිස්සා (2.25) ද, හිමිකර ගැනීමට සමත් වූහ.
උස පැනීමේ රන් සහ ලෝකඩ පදක්කම් දිනූ 23 හැවිරිදි මුටාෂ් අයිස්සා සහ 20 හැවිරිදි මුයමර් අයිස්සා එකම පවුලේ සහොදරයන් වීම කැපී පෙනෙන සිද්ධියකි.
ශ‍්‍රී ලංකා පිරිමි හොකී පිල ඊයේ පැවැති 9 වැනි ස්ථානය තේරීමේ තරගයේදී සිංගප්පූරුව හමුවේ ගෝල 5-3 කින් පරාජයට පත්වීමෙන් අවසන් ස්ථානයට පත්විය.
හෙට (30) ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.