Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උදය - චමත්සරා මේසපන්දු ශූරතා සම්මාන දිනති

උදය - චමත්සරා මේසපන්දු ශූරතා සම්මාන දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයඹ පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප‍්‍රනාන්දුත් සම්මාන ලැබීය. තරගාවලියේ නැගීඑන කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට මහනුවර කිංග්වුඞ් විදුහලේ ධනුෂ්ක විජේසිංහ සමත්විය.

වයස 18 න් පහළ බාලක කේවල තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ ප‍්‍රසාද් ද සිල්වා තරග වට 3-2 ක් ලෙස පරාජය කරමින් උදය රණසිංහ එම සම්මානයට හිමිකම් කී අතර චමත්සරා ප‍්‍රනාන්දු එම සම්මානයට හිමිකම් කීවේ වයස 15 න් පහළ බාලිකා කේවල තරගයේදී තරග වට 3-0 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉමාෂා ද සිල්වා පරාජය කරමිනි.

වයස 10 න් පහළ බාලක කේවල තරගයේදී තරග වට 3-2 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විහඳු රන්දින පරාජය කරමින් ධනුෂ්ක විජේසිංහ තරගාවලියේ නැගීඑන කී‍්‍රඩකයා සම්මානය දිනාගත්තේය.

කී‍්‍රඩක කීඩිකාවන් 415 කගේ සහභාගීවයෙන් පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහාක ලෙස ඒෂියන් ෆිනෑන්ස් සමාගම කටයතු කළ අතර ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් සමන් රත්නායක මහතා සහ ඒෂියන් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂක ඉම්ටියාස් මුෂීන් මහතා සහභාගී වූහ.

තරග ප‍්‍රතිඵල (බාලක)

වයස 10 න් පහළ කේවල
ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්වුඞ් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස විහඳු රන්දින (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (7/11, 11/8, 11/3, 7/11, 11/9)

වයස 12 න් පහළ කේවල  
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස වෙරොන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (17/15, 11/4, 11/2)

වයස 15 න් පහළ කේවල  
දිසංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (11/8, 11/7, 11/9)

වයස 18 න් පහළ කේවල  
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (8/11, 11/4, 20/18, 7/11, 11/3)

තරග ප‍්‍රතිඵල (බාලිකා)

වයස 10 න් පහළ කේවල  
කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සඳුනි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදී. (4/11, 11/8, 6/11, 11/3, 11/5)

වයස 12 න් පහළ කේවල  
ඞී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස අශිකා සත්සරණි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (11/3, 11/2, 2/11, 11/5)

වයස 15 න් පහළ කේවල  
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (11/3, 11/5, 11/4)

වයස 18 න් පහළ කේවල  
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී. (11/9, 14/12, 11/7)


අදහස් (0)

උදය - චමත්සරා මේසපන්දු ශූරතා සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.