Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උදය - එරන්දි ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගනිති

උදය - එරන්දි ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගනිති

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2014 වසරේ විවෘත පිරිමි කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, විවෘත කාන්තා කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතානත් සමත් වී ඇත.

පිරිමි කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටින උදය රණසිංහ, මේ වසරේ පැවැති ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 5 න් 4 කම ශූරතා දිනාගැනීමට සමත්වී ඇති අතර අනෙක් තරගාවලියට සහභාගී වී නැත. 

කාන්තා කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින එරන්දි වරුසවිතාන ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 5 න් 3 ක ශූරතා දිනාගෙන ඇති අතර ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන ඉෂාරා මධුරංගි අනෙක් තරගාවලි දෙකේ ශූරතා දිනාගෙන තිබේ.

ඉකුත් වසර අවසන් වන විට පිරිමි සහ කාන්තා අංශයන්හි පෙරෙමුණේ රැුදී සිටි ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි දෙදෙනාම මේ වසර අවසන් වන විට එම අංශයන්හි දෙවැනි ස්ථාන කරා පසුබැස තිබීම මෙහිදී කැපී පෙනේ.

මේ වසරේ පැවැති කොළඹ නගරාධිපති කුසලාන, මහීපාල හේරත් අභියෝගතා කුසලාන, ‘ෆියුචර් ස්පින්’ කුසලාන, කි‍්‍රස් ගුණරත්න අනුස්මරණ කුසලාන, 68 වැනි ජාතික මේසපන්දු ශූරතාවලිය යන තරගාවලි 5 අවසානයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලබාගත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවන් අනුව මෙම ශ්‍රේණිගත කිරීම් සකස්කොට ඇත.  

පිරිමි ශ්‍රේණිගත කීරීම් අනුපිළිවෙළ

ස්ථානය  කී‍්‍රඩකයා  කී‍්‍රඩා සමාජය / පාසල ප‍්‍රසාද ලකුණු
1 උදය රණසිංහ   මහනුවර විද්‍යාර්ථ විදුහල 132
2 රොහාන් සිරිසේන ස්ටැග් මේසපන්දු විද්‍යායතනය 98
3 ප‍්‍රසාද් ද සිල්වා    මහනුවර විද්‍යාර්ථ විදුහල 67
4 මිලින්ද ලක්ෂිත    ශ්‍රී ලංකා ගුවන් හමුදාව 60
5 දිනේෂ් දේෂපි‍්‍රය    ශ්‍රී ලංකා නාවික හමුදාව 52

කාන්තා ශ්‍රේණිගත කීරීම් අනුපිළිවෙළ

ස්ථානය   කී‍්‍රඩිකාව  කී‍්‍රඩා සමාජය / පාසල ප‍්‍රසාද ලකුණු
1 එරන්දි වරුසවිතාන    අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල 122
2 ඉෂාරා මධුරංගි    ශ්‍රී ලංකා ගුවන් හමුදාව 108
3 චමත්සරා ප‍්‍රනාන්දු    කොළඹ විශාකා විදුහල      54
4 මුතුමාලි පි‍්‍රයදර්ශනී     අම්බලන්ගොඩ දේවානන්ද විදුහල 49
5 තාරුණ්‍යා ශෂිනි    ශ්‍රී ලංකා ගුවන් හමුදාව 42

අදහස් (0)

උදය - එරන්දි ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.