Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉතාලි එල්ලේ කී‍්‍රඩා සමාජය පිහිටුවීමෙ උත්සහය අතහැර දමයි

ඉතාලි එල්ලේ කී‍්‍රඩා සමාජය පිහිටුවීමෙ උත්සහය අතහැර දමයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාලියේදී එල්ලේ ක‍්‍රීඩා සමාජයක් පිහිටුවීමට එරට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැරූ උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තා වේ. ඉතාලියේ ”නාපෝලි” නගරයේ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේම බාධා කිරීම හා විරෝධතා නිසා බවත් එරටින් ලැබෙන ආරංචිමාර්ග වලින් කියැවේ.

ඉතාලියේදී එල්ලේ ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ අවස්ථාව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු එහි ඉහළ පෙළේ බලධාරීන් පිරිසක් ද සහභාගි වීමට සූදානම්ව සිටි බව වාර්තා වේ.

ඉතාලියේදී එල්ලේ ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ උත්සවය ලබන ඉරිදා (25) නාපෝලිහිදී පැවැත්වීමට සූදානම් කර තිබුණි.

කෙසේ වුවත් එල්ලේ සම්මේලනයේ ප‍්‍රකාශකයකු ”ලංකාදීප”යට පැවසුවේ, ඉතාලියේ එල්ලේ ක‍්‍රීඩා සමාජයක් පිහිටුවීමට ගත් උත්සාහයට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සම්බන්ධයක් නොමැති බවය.

එහෙත් ඒ සඳහා සහයෝගය දැක්වීමට එල්ලේ සම්මේලනය සූදානම්ව සිටි බවත්, කෙසේ වුවත් එරට ශ්‍රී ලාංකිකයන් ඇතැම් අයගෙන් ශ්‍රී ලංකාවට ලැබී තිබුණු විරෝධතා හා පෙත්සම් කිහිපයක් නිසා එල්ලේ සම්මේලනයේ බලධාරීන් ඉතාලි සංචාරයට සහභාගි නොවීමට තීරණය කළ බවය.

එල්ලේ සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා එරට ක‍්‍රීඩා ඇමැතිනිය මුණගැසීමටත් එරට පාසල් කණ්ඩායම් දෙකක් අතර ප‍්‍රදර්ශන එල්ලේ තරගයක් පැවැත්වීමටත් සංවිධායකයෝ සැලසුම් කර තිබුණි.

ඒ සඳහා අනුග‍්‍රාහකයන් ද ඉදිරිපත්ව සිටි බව දැනගන්නට ඇත. මෙරට ක‍්‍රීඩා අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ලබා ගැනීමට ද එහිදී කටයුතු සම්බන්ධීකරණය වෙමින් පැවැති බව සඳහන් වේ.

මේ අතර ඉතාලියේ එල්ලේ ක‍්‍රීඩා සමාජයක් පිහිටුවන මුවාවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරන බවට ද පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පෙත්සම් ද ලැබී තිබෙන බව එල්ලේ සම්මේලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම උද්ගත වූ තත්ත්වය හමුවේ ඉතාලියේ එල්ලේ ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ උත්සාහය එරට ශ්‍රී ලාංකිකයන් විසින් අත්හැර දැමූ බව ද වාර්තා වේ. එරටින් ලැබුණු බව කියන විරෝධතා හා පෙත්සම් කෙරෙහි මෙරට රජයේ ඉහළ අංශවල ද අවධානය යොමු වූ බව ද වැඩිදුරටත් අනාවරණය වේ.


අදහස් (0)

ඉතාලි එල්ලේ කී‍්‍රඩා සමාජය පිහිටුවීමෙ උත්සහය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.