Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇන්ඩි මරේ පෙරහුරු තරගයෙන් පරදී
ටෙනිස්

ඇන්ඩි මරේ පෙරහුරු තරගයෙන් පරදී

editorial - 2022 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ආර්ජන්ටිනාවේ ෆැකන්ඩෝ බැග්නිස්ට හමුවේ හිටපු ලෝක ශූර ඇන්ඩි මරේ වට 2-1 ක් ලෙස පරාජයට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික මරේ මේ වන විට 34 වැනි වියේ පසුවේ. 

පෙරහුරු තරගයේ පළමු වටයේදී ලකුණු 6/3 ක් ලෙස මරේ පරාජය කළ බැග්නිස්, දෙවැනි වටයේදී මරේ හමුවේ ලකුණු 7/5 ක් ලෙස පරාජයට පත්විය. කෙසේ වුවත් තීර්ණාත්මක තෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් බැග්නිස් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. 

පස්වරක් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කියා ඇති මරේ, මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 134 වැනි ස්ථානයේ පසුවේ. 2019 වසරේදී උකුලේ ආබාධයක් හේතුවෙන් සැත්කමකට මුහුණදුන් ඔහුට ටික කලක් තරග බිමෙන් ඉවත්ව සිටීමටද සිදුවිය. 

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුට මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට නොහැකි වූ අතර පංගු ක්‍රමය යටතේ ඔහු තරගාවලියට එක්ව සිටී. 

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 3 කට හිමිකම් කියන මරේ, මේ මස 17 වැනිදා ආරම්භවන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පෙර තවත් පෙරහුරු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය. 

-036 


අදහස් (0)

ඇන්ඩි මරේ පෙරහුරු තරගයෙන් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.