Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇතුගල්පුර චෙස් තරග 12 දා සිට

ඇතුගල්පුර චෙස් තරග 12 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල නයිට් ප්ලේට්ස් චෙස් සංගමය, ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් 7 වැනි වරටත් සංවිධානය කරන ‘ඇතුගල්පුර’ අන්තර්ජාතික විවෘත ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 16 දක්වා කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වේ.

‘ස්විස්’ ක‍්‍රමය යටතේ තරග වට නවයකින් මෙම තරගාවලිය ක‍්‍රියාත්මකවේ. තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බෙදී යන ත්‍යාග මුදල රුපියල් ලක්‍ෂ 3 කි.

එහිදී විවෘත ශූරතාව (පිරිමි) දිනාගන්නා ක‍්‍රීඩකයාට කුසලානයක් සහ රන් පදක්කමක් සමග රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාවට කුසලානයක් සහ රන් පදක්කමක් සමග රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.

වයස 6 න් පහළ, 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ (බාලක/බාලිකා), ශ්‍රේණිගත කාණ්ඩ සහ ශ්‍රේණිගත නොවු කාණ්ඩ යටතේ ද තරග පැවැත්වේ.

ඉන්දිය ක‍්‍රීඩක ප‍්‍රනීත් කුමාර්, පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

 


අදහස් (0)

ඇතුගල්පුර චෙස් තරග 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.