Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසිල් ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට

ආසිල් ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට

editorial - 2023 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආර්මේනියාවේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සඳහා කොළඹ සහිරා විද්‍යාලයේ තුවාන් ආසිල් මුරජුඩීන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය පියවර ගෙන තිබේ. ඊයේ (22 වැනිදා) ආරම්භ වූ මෙම තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. 

ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ශූරතාවලියට සහභාගි වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ආසිල්, 2022 වසරේ පැවැති එල්.වී. ජයවීර බොක්සිං ශූරතාවලියේදී ලැබූ සිය මංගල ජයග්‍රහණයේ සිට මේ දක්වාම පාසල් බොක්සිං පිටියේදී අපරාජිතව සිටියේය. 

ඉකුත් වසරේදී (2022) ටී.බී. ජයා බොක්සිං තරගාවලියේදී සහ ස්ටබ්ස් බොක්සිං තරගාවලියේදී ජය ලැබූ ඔහු, මෙම වසරේදී (2023) ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේදී සහ ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේදීද ජය ලබමින් සිය බර පන්තියේ ආධිපත්‍ය පැතිරවීය.

ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට සහභාගී වීමට පෙර ආසිල්, ඉන්දියාවේ නව දිල්ලි නුවරදී  ජාත්‍යන්තර බොක්සිං පුහුණු කඳවුරකටද සහභාගී විය. ආසිල් සමඟ අබ්දුල්ලා ඉබුණු මහතා පුහුණුකරු ලෙසත්, රත්නපුර ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති චමන්ත අමිල මහතා කළමනාකරු ලෙසත් තරගාවලියට එක්වෙති.  

අබ්දුල්ලා ඉබුණු මහතා තරු 2 පුහුණුකරුවෙක් වන අතර 2005 වසරේ දකුණු කොරියාවේ පැවති ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේය. 


අදහස් (0)

ආසිල් ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.