Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු යොවුන් ස්කොෂ් ශූරී මිහිලියාට සිරිමාවෝ බණ්ඩාරනායකයෙන් හරසර

ආසියානු යොවුන් ස්කොෂ් ශූරී මිහිලියාට සිරිමාවෝ බණ්ඩාරනායකයෙන් හරසර

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැංජින්හිදී පැවැති දෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් තරගාවලියේ කාන්තා ලෝකඩ පදක්කම දිනාගත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණි ඇගයීමේ උත්සවයක් පසුගියදා එම විදුහලේ පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ජාතික සහ ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරිය වන 16 හැවිරිදි මිහිලියා එම විදුහලේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නීය.

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනී මාලනී හේරත් මහත්මියගේ ආරාධනාවකට අනුව මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගි විය.

ඇගයීමේ උත්සවයෙන් පසු මිහිලියා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.
වමේ සිට: පොලිස් පරීක්‍ෂක කුමාරජීව මහතා (මිහිලියාගේ පියා), මාලනී හේරත් මහත්මිය (විදුහල්පතිනී), මිහිලියා මෙත්සරණි, එම්. කේ. තානාපති මහත්මිය (මිහිලියාගේ මව) සහ මල්කාන්ති මහත්මිය (ස්කොෂ් ක‍්‍රීඩා බාර ආචාරිනී)


අදහස් (0)

ආසියානු යොවුන් ස්කොෂ් ශූරී මිහිලියාට සිරිමාවෝ බණ්ඩාරනායකයෙන් හරසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.