Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු මුල්පුටුවට යන්න වෙන පාරක් සොයයි

ආසියානු මුල්පුටුවට යන්න වෙන පාරක් සොයයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු දැල්පන්දු සංගමයේ සභාපති ධුරයට යළි තරඟ වැදීමට එහි වත්මන් සභාපතිනි ලක්ෂ්මි විකෝටෝරියා මහත්මිය සූදානම්ව සිටියත් ඒ සදහා ඇය යෝජනා කිරීමට ශ්‍රී ලංකාව මෙතෙකේ උනන්දු වී නැතැයි වාර්තා වේ.
 
හොං කොං රාජ්‍යයේදී හිද ලබන දෙසැම්බර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන 9 වැනි ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශුරතාවලියට සමගාමීව දෙසැම්බර් 20 වැනිදා ආසියානු දැල්පන්දු සංගමයේ නිලවරණය හා මහ සමුළුව පැවැත්වීමට නියමිතය.

වසර 2013 සිට එම ධුරය දරන ශී‍්‍ර ලංකා දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය මෙවරත් ඒ සඳහා තරග වදින්නේ නම් ඇය යෝජනා කිරීම හෝ සථිර කිරීම ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය මගින් සිදුවිය යුතු වුවත් එහි ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ පිළිබඳව ඔවුන්ට උනන්දුවක් නැති බවයි.

දැල්පන්දු සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ කටයුතු කරන නිලධාරිනිය මේ සම්බන්ධයෙන් කිසිවක් කර නැති බවත් ඒ තත්ත්වයට ඇය වගකිව යුතු බවත් ක්ෂෙත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.පැවැති සිඞ්නි ලෝක දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකිව යුතු තනතුරක් දැරූ ඇයගේ කි‍්‍රයාකලාපයද එහිදී දැඩි කතාබහට ලක්වූවාය.

ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය වසර දෙකක් ආසියානු මුල් පුටුව දරමින් සිටියත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු ප‍්‍රයෝජනයක් හෝ ප‍්‍රතිලාභයක් අත්කර දීමට ඇය සමත් නොවු බවට ඇයට චෝදනා කරන පර්ශ්වද තිබේ.

ශී‍්‍ර ලංකා දැල්පන්දු ක්ෂේත‍්‍රයේ ඇතැම් අංශ වෙතින් ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ මෙම ධූරය යොදාගනිමින් ඇය එතෙඑ සංචාරවලට සහභාගී වීම පමණක් කළ බවය. කෙසේ වුවත් කී‍්‍රඩා අමාතංශයේ බලධාරීන් හරහා නැවත ආසියානු මුල් පුටුව සඳහා ඇයගේ නාමයෝජනාව ඉදිරිපත් කිරීමේ සැලැසුමක්ද පවතින බව දැල්පන්දු කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.
 
ශ්‍රී ලංකා දැල් පන්දු සංගමයේ සභාපතිනිය ලෙස ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය කටයුතු කළ සමය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

දැල්පන්දු කී‍්‍රඩාව සඳහා නිල අනුග‍්‍රාහකයකු ඉදිරිපත්ව සිටියදීත් දේශිය තරගාවලි යොදාගත් පරිදි පැවැත්වීමට ඇය අපොහොසත් වූ බවටද චෝදනා නැගේ. අගේ පාලන සමය අවසන් භාගයේදී ලක්ෂ 225 ක් වන දේශිය දැල්පන්දු සංමගයේ නිල අනුග‍්‍රහය අහෝසි විය.


 

 


අදහස් (0)

ආසියානු මුල්පුටුවට යන්න වෙන පාරක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.