Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 10 දෙනකුගේ කණ්ඩායමක්

ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 10 දෙනකුගේ කණ්ඩායමක්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෝහා කටාර් දේශයේ අල් - ගරෆා කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) දිවයිනෙන් පිටත්වයයි.

තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ 5 දෙනෙක්, කී‍්‍රඩිකාවෝ 5 දෙනෙක් සහ නිලධාරීහු තිදෙනෙක් ඇතුළත් වෙති.
 

මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ ශ්‍රී ලංකා ආධුනික (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දරන අතර කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ පවනි සිරිසේන ආධුනික කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන්නීය.

මහනුවර විද්‍යාර්ථ විදුහලේ තිළිණ විජේසිරි කනිෂ්ඨ බාලක කණ්ඩායමේ නායකත්වය දරන අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ උමායා තාරකී කනිෂ්ඨ බාලිකා කණ්ඩායමේ නායකත්වය දරයි.

චිත‍්‍රා ජයසූරිය මහත්මිය කණ්ඩායමේ කාන්තාවන් භාර නිලධාරිණිය ලෙස කටයුතු කරන අතර කළමනාකරු ලෙස ඩබ්. එම්. බුද්ධසිරි මහතාද, පුහුණුකරු ලෙස චමින්ද රුද්රිගූ මහතාද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම (බාලක)
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය),  තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය), නුවන්ත නිරෝෂන (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය), කි‍්‍රශාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය)

ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම (බාලිකා)
පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය), උමායා තාරකී (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), කනිෂ්ඨ බාලිකා කණ්ඩායමේ නායිකා, ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමයා විද්‍යාලය), රුවනි කන්නංගර (කොළඹ මියුසියස් විද්‍යාලය), බුද්දීපනි රාජගුරු (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)


ඉදිරි පෙල වමේ සිට දකුණට - කාන්තාවන් භාර නිලධාරිනි චිත‍්‍රා ජයසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපති ගෘප් කපිතාන් කේ. ඒ. එල්. රණතුංග, ශී‍්‍ර ලංකා මේස පන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උප සභාපති එම්. එම්. එම්. ලෆීර්, කණ්ඩායමේ කලමනාකරු ඩබ්. එම්. බුද්ධසිරි සහ පුහුණුකරු චමින්ද රුද්රිගූ යන මහත්වරු
 

පසු පෙල වමේ සිට දකුණට - ශේෂලා බණ්ඩාර, තිළිණ විජේසිරි, පවනි සිරිසේන, නුවන්ත නිරෝෂන, රුවනි කන්නංගර, උදය රණසිංහ, බුද්දීපනි රාජගුරු, ප‍්‍රසාද් ද සිල්වා, උමායා තාරකී සහ කි‍්‍රශාන් වික‍්‍රමරත්න


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 10 දෙනකුගේ කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.