Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආරක්ෂක සේවා දැල්පන්දු ශූරතාව ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා දැල්පන්දු ශූරතාව ගුවන් හමුදාවට

ශනුක අරවින්ද - 2016 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තුන්මුල්ල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැති 9 වැනි ආරක්ෂක සේවා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

අවසන් මහ තරගයේදී ලකුණු 54-51 කට නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කී‍්‍රඩිකාවෝ එම ශූරතාව හිමිකර ගත්හ.

ගුවන් හමුදාවේ දුලංගා දුලංජි, තරගාවලියේ දැල්පන්දු රැුජිණ ලෙස කිරුළු පැළඳි අතර ගුවන් හමුදාවේ චතුරිකා ජයසූරිය දක්ෂතම ආරක්ෂක කී‍්‍රඩිකාව ලෙසත්, ළිහිණි වත්තේගෙදර දක්ෂතම පිටියේ ක‍්‍රීඩිකාව ලෙසත්, නාවික හමුදාවේ හසිතා මෙන්ඩිස් දක්ෂතම පන්දු විදින්නිය ලෙසත්
සම්මාන දිනාගත්හ.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක මේජර් ජනරාල් ආර්. වී. උඩවත්ත මහතා තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

-036

 


අදහස් (0)

ආරක්ෂක සේවා දැල්පන්දු ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.