ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය මගින් සංවිධානය කරන ආධුනික මල්ලවපොර තරගාවලියක් අගෝස්තු 15, 16 සහ 17 යන දිනවල ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නව ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ගේ බර කිරීම සහ වෛද්‍ය පරීක්ෂණය අගෝස්තු 15 වැනි බ‍්‍රහස්පතින්දා දහවල් 12 ට දෙමටගොඩ ප‍්‍රජා ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම් අගෝස්තු 15 වැනි බ‍්‍රහස්පතින්දා පස්වරු 12 සිට 1.00 දක්වා ලියාපදිංචි කෙරේ.
ජාතික ශූරතාවලියක පළමු, දෙවැනි හෝ තුන්වැනි ස්ථාන නැතහොත් ජාතික මහා ක‍්‍රීඩා උළෙලක පළමු වැනි හෝ දෙවැනි ස්ථාන හෝ ජාතික පාසල් ශූරතාවලිය, කණිෂ්ඨ ශූරාතවලිය, ශිෂ්‍ය භට ශූරතාවලිය වැනි තරගාවලියකදී ජයග‍්‍රහණය කර ඇති ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලිය සඳහා සහභාගි විය නොහැකි බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය නිවේදනය කරයි.
තරගාවලියට සහභාගි වීම සඳහා අයැදුම්පත් එල්. එල්. තෙන්නකෝන්, අංක 8, නිව්හැම් චතුරශ‍්‍රය, කොළඹ 13 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර අයැදුම්පත් ඉදිරිපත් නොකරන කිසිදු ක‍්‍රීඩකයකුට තරගාවලියට සහභාගි විය නොහැක.
- මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.