ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 බර පංතියේ (කාන්තා) රිදී පදක්කම දිනා ගැනීමට අෂිනි සුරංගි වික‍්‍රමසිංහ අද (8) සමත්වුවාය. අෂිනි තරගයේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 70 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 90 ක්ද ලෙස කිලෝග‍්‍රෑම් 160 ක බර ප‍්‍රමාණයක් ඔසවමින් රිදී පදක්කම දිනා ගත්තාය.
ඉන්දියාවේ කවීතා දේවි (කි.ග‍්‍රෑ. 210) රන් පදක්කම දිනාගත් අතර බංග්ලාදේශයේ ෆිරෝගා පර්වින් ට (කි.ග‍්‍රෑ. 148) ලෝකඩ පදක්කම හිමිවුවාය. ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මේ වන විට සාග් ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව සිටිති.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.