බොක්සිං මැලේසියාවේ පැවැති ඇගොංග් කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සමත්වී ඇත.
කිලෝ ග‍්‍රෑම් 52 ෆ්ලයි බර පංතියෙන් තරගාවලියට එක්වුණු මාස් විද්‍යාල් බොක්සිං කී‍්‍රඩා සමාජයේ අයේෂ් මධුසංක එහි රිදී පදක්කම දිනාගත් අතර අවසන් තරගයේදී තායිලන්තයේ පැරොඑන්ග් මැමොයි හමුවේ පරාජය වීම නිසා ඔහුට රන් පදක්කමක් දිනාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.
අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ බුඩුංග් බුබාම් පරාජය කළ අයේෂ් මධුසංක, අවසන් පූර්ව වටයේදී පිලිපීනයේ ජේඞ් බෝර්නියා පරාජය කරමින් අවසන් තරගයට පිවිසියේය.
වයස අවුරුදු 17 දී බොක්සිං කී‍්‍රඩාවට අවතීර්ණවූ අයේෂ් 2012 වසරේදී අධුනික බොක්සිං තරගාවලියේ රිදී පදක්කමකට සහ අතරමැදි බොක්සිං තරගාවලියේ රන් පදක්කමකට හිමිකම් කියූ අතර එම වසරේ ජාතික බොක්සිං තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පි‍්‍රයාල් ධර්මසේන කිලෝග‍්‍රෑම් 48 ලයිට් ෆ්ලයි බර පංතියෙන් තරගාවලියට එක්වුණ අතර අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ මොහොමඞ් ෆුවාඞ් හමුවේ පරාජය වීම නිසා ඔහුට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.
තමන් සහභාගීවූ පළමු තරගයේදීම පිලිපීනයේ ජොයෙල් බැචෝ හමුවේ පරාජයට පත්වීම නිසා පසුගිය වසරේ කිලෝග‍්‍රෑම් 64 ලයිට් බර පංතියේ ජාතික ශූරයාවූ ශ්‍රී ලංකා යුද හමුදාවේ චාරක ජයලත්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
මැලේසියානු බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව කසකස්තානය, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, චීන තායිපේ, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල් සහභාගීවූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.