වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී චර්තූසා කණ්ඩායමට එරෙහිව ලකුණු 20-11 ක ජයක් වාර්තා කිරීමට අයි.එෆ්.එස් කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 12-4 ක් ලෙස පෙරමුණ ගත් අයි.එෆ්.එස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 8 ක් එක්කර ගත්හ. චර්තූසා ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
ලකුණු 14 ක් රැස්කළ අයි.එෆ්.එස් කණ්ඩායමේ හර්ෂා පෙරේරා එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.