දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) දැන් පැවැත්වෙන පිහිනුම් තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක මැතිව් අබේසිංහ මීට සුඵ වේලාවකට පෙර දෙවැනි රන් පදක්කමත් දිනා ගැනීමට සමත්විය. මීටර 100 සමනළ ආර ඉසව්ව තත්පර 55.42 ක කාලයකින් අවසන් කරමින් මැතිව් රන් පදක්කම හිමිකර ගත්තේය.
මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ‍්‍රී ලංකාවට හිමි කර දීමට චෙරන්ත ද සිල්වා (තත්පර 56.00) සමත්විය. මෙහි රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවේ සුප්රියෝ මොන්ඩාල් (තත්පර 55.86) විසිනි
අද දිනයේ මීටර 200 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් මැතිව් 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ද ශ‍්‍රී ලංකාවට දිනා දුන්නේය. මීටර 200 නිදහස් ආර කාන්තා ඉසව්වේ සහ සමනළ ආර කාන්තා ඉසව්වේ රිදී පදක්කම්ද ශ‍්‍රී ලංකාවට හිමිවිය.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා මචිකෝ රහීම් (විනාඩි 2 තත්පර 09.2) නිදහස් ආර කාන්තා ඉසව්වේ රිදී පදක්කම ද, මීටර 100 සමනළ ආර ඉසව්වේ (කාන්තා) ලෝකඩ පදක්කමද දිනා ගත්තාය. මීටර 100 සමනළ ආර ඉසව්වේ (කාන්තා) රිදී පදක්කම ශ‍්‍රී ලංකාවේ හිරුණි පෙරේරා (වි.1 තත්.6.89) දිනාගත් අතර ඉන්දියාව එහි රන් පදක්කම දිනා ගත්තේය.
මචිකෝ රිදී පදක්කම දිනාගත් නිදහස් ආර කාන්තා ඉසව්වේදී ඉෂානි එරන්දිකා සේනානායක (විනාඩි 2 තත්පර 11.63) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
ඉන්දිය ක‍්‍රීඩිකා ශිවානි කතාරියා (විනාඩි 2 තත්පර 08.68) මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.
මීටර 200 ළය ආර ඉසව්වේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා හසන්ති නුගවෙල රිදී පදක්කම දිනා ගත් අතර පාකිස්තානය රන් පදක්කම හිමිකර ගත්තේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.