ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පිහිනුම් තරගාවලියේදී මීටර 200 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ අද (6) සමත්විය. ඉන්දියාවේදී ඊයේ ආරම්භ වු 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ද මෙය වේ.
මැතිව්, විනාඩි 1 තත්පර 52 ක කාලයකින් තරගය අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
ඉන්දියාවේ සවුරබ් සන්වේකාර් (වි. 1 තත්පර 53) රිදී පදක්කම ද, බංග්ලාදේශයේ මෆිසූර් රෙහෙමන් ලෝකඩ පදක්කම (වි 1. තත්. 56) දිනා ගැනීමට සමත්වුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.