Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනීෂ් 16 න් පහළ ශූරතාව දිනාගනී

අනීෂ් 16 න් පහළ ශූරතාව දිනාගනී

ශනුක අරවින්ද - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 16 පහළ බාලක ශූරතාව දිනාගැනීමට අනීෂ් වීරසිංහ සමත්විය. අවසන් මහ තරගයේදී අනීෂ් වීරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙසින් චෙවාන් ප‍්‍රනාන්දු පරාජය කරන ලදි.

ඬේවිස් කුසලාන තරගාවලියේ කණිෂ්ඨ අංශයේ තරගවලටද සහභාගීවූ කී‍්‍රඩකයකු වන චෙවාන් ප‍්‍රනාන්දු, පළමු තරග වටය ලකුණු 3/6 ක් ලෙස ජයගනිමින් තරගයේ වැඩි වාසි දිනාගැනීමට සමත්වුවද, ලකුණු 6/2 ක් සහ 6/4 ක් ලෙස ඉතිරි තරග වට දෙකම ජයගත් අනීෂ් වීරසිංහ 16 පහළ වයස් කාණ්ඩයේ ශූරයා බවට පත්විය.

මෙම වයස් කාණ්ඩයේ පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස ජොෂුවා ජයරත්න පරාජය කරමින් චෙවාන් ප‍්‍රනාන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත අතර අනීෂ් වීරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස බී. සුරේන් පරාජයට පත්කරමිනි.

 

 

වයස 16 පහළ බාලක අවසන් තරගයේ ප‍්‍රතිඵල

  • අනීෂ් වීරසිංහ විසින් තරග වට 2 - 1 ක් ලෙස චෙවාන් ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (3/6, 6/2, 6/4) 
     

වයස 16 පහළ බාලක අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • චෙවාන් ප‍්‍රනාන්දු විසින් තරග වට 2 - 0 ක් ලෙස ජොෂුවා ජයරත්න පරාජය කරන ලදී. (6/3, 6/4)
  • අනීෂ් වීරසිංහ විසින් තරග වට 2 - 0 ක් ලෙස බී. සුරේන් පරාජය කරන ලදී. (6/4, 6/0)


        

 


අදහස් (0)

අනීෂ් 16 න් පහළ ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.