කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (22) එම මාර්ගයේ පැවැති අර්ධ මැරතන් තරගාවලියේ පිරිමි තරගයේ ජය කේ. එස්. ටී. ගුණසේකර විසින් ද, කාන්තා තරගයේ ජය ගීතානි රාජසේකර විසින් ද, හිමිකර ගන්නා ලදී.
ගම්පහ දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම තරගාවලියේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රුපියල් 25,000 සිට 5,000 දක්වා ත්‍යාග මුදල් ප‍්‍රදානය කෙරිණි.
කෙසේ වුවත් තරගාවලිය නිමාවීමෙන් පසු තෑගි මුදල් ප‍්‍රමාණවත් නොවන බව කියමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් පිරිසක් විරෝධය පළ කර සිටි බව වාර්තා වේ.
එම නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ තෑගි මුදල් ඔවුන්ට වැඩි කර දීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ඇමැති නිමල් ලාන්සා මහතා උපදෙස් දුන් බව ගම්පහ දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරී ගාමිණි කොස්තා මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්ට නොගැලපෙන ආකාරයෙන් ඔවුන් එහිදී අශෝබන ලෙස හැසිරීමෙන් සංවිධායකයන් අපහසුතාවට පත්වූ බවය.
පිරිමි - කිලෝමීටර් 24
1 ජී. කේ. කේ. එස්. වී. ගුණසේකර (යුද හමුදාව) - පැය 1 විනාඩි 21 තත්පර 26
2 කේ. පී. ආර්. සමන් කුමාර (යුද හමුදාව - පැය 1 විනාඩි 22 තත්පර 56
3 ගයාන් චතුරංග (ගුවන් හමුදාව) - පැය 1 විනාඩි 23 තත්පර 50
4 එම්. ඒ. ආර්. සී. ගුණවර්ධන (යුද හමුදාව) - පැය 1 විනාඩි 24 තත්පර 28
5 ආර්. එම්. වයි. අසේල බණ්ඩාර (යුද හමුදාව) - පැය 1 විනාඩි 24 තත්පර 42
කාන්තා - කිලෝමීටර් 24
1 ශ්‍රීයානි ජයසේකර (යුද හමුදාව) - පැය 1 විනාඩි 35 තත්පර 46
2 එම්. ඒ. පී. හේමමාලි (යුද හමුදාව) - පැය 1 විනාඩි 36 තත්පර 10
3 ධම්මිකා මල්කාන්ති (යුද හමුදාව) - පැය 1 විනාඩි 36 තත්පර 42
4 එම්. ඒ. ආර්. දීපානි - පැය 1 විනාඩි 39 තත්පර 43
5 ජී. ජී. එල්. අනුරාධි - පැය 1 විනාඩි 41 තත්පර 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.