Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 3×3 පැසිපන්දු ශූරතාව සම්පත් බැංකුවට

3×3 පැසිපන්දු ශූරතාව සම්පත් බැංකුවට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳසේවා පැසිපන්දු සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා 3X3 පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට සම්පත් බැංකු ක‍්‍රීඩකයෝ සමත්වුහ. ඞී. එෆ්. සී. සී. බැංකුව විසින් කාන්තා ශූරතාව දිනා ගන්නා ලදී.

විනාඩි 10 ක් වැනි කෙටි කාලයකදී තරගයක් අවසන් වන 3X3 පැසිපන්දු තරගාවලියේ කණ්ඩායමකට ඇතුළත්වන ක‍්‍රීඩකයන් ගණන තිදෙනෙකි.
සම්පත් බැංකු කණ්ඩායම සහ නේෂන් ට‍්‍රස්ට් බැංකු ‘ඒ’ කණ්ඩායම අතර පැවැති පිරිමි අවසන් තරගයෙන් සම්පත් බැංකු කණ්ඩායම ලකුණු 17/16 ක තියුණු ජයක් ලැබීය. හැටන් නැෂනල් බැංකුවට එහි තෙවැනි ස්ථානය හිමිවිය.

අවසන් පුර්ව වටයේදී සම්පත් බැංකුව විසින් හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම (ලකුණු 9/6) ද, නේෂන් ට‍්‍රස්ට් බැංකු ‘ඒ’ කණ්ඩායම විසින් හැටන් නැෂනල් බැංකු ‘බී’ කණ්ඩායම (ලකුණු 14/10) ද පරාජය කරන ලදී.
ඞී. එෆ්. සී. සී. බැංකුව සහ ඬේවිඞ් පීරිස් මෝටර් සමාගම අතර පැවැති කාන්තා අවසන් මහා තරගයෙන් ඞී. එෆ්. සී. සී. බැංකුව ලකුණු 13/7 ක ජයක් ලැබීය.

හේන්රි පේ‍්‍රද්‍රිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි තරග ප‍්‍රධානතම කාණ්ඩයට අමතරව රන් සහ රිදී ලෙස තවත් කාණ්ඩ දෙකකින් පැවැත්විණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


සෙසු තරග ප‍්‍රතිඵල:

‘රන්’ කාණ්ඩය
එච්. එස්. බී. සී. ගොලෝබල් සර්විස්ස ඩිලිවරි කණ්ඩායම විසින් ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (13/12)

තෙවැනි ස්ථානය: කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆිනෑන්ස්


‘රිදී’ කාණ්ඩය
එච්. එස්. බී. සී. ‘බී’ කණ්ඩායම විසින් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (15/14)

තෙවැනි ස්ථානය: එන්.ඞී.බී. බැංකුව


- 090

 


අදහස් (0)

3×3 පැසිපන්දු ශූරතාව සම්පත් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.